ඕස්ටේ‍්‍රලියාව පරදා 
ශ‍්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

ශ‍්‍රී ලංකා ටෙස්ට්  ක‍්‍රිකට් කණ්ඩායම 17 වසරකට පසු ඔස්ටේ‍්‍රලියාව අභිබවා අද ඓතිහාසික ජයග‍්‍රහණයක් අත්කර ගත්තා. මීට පෙර අවසන් වරට 1999 වසරේ ශ‍්‍රී ලංකාවේ පැවති තරගාවලියකදී ඔස්ටේ‍්‍රලියාව පරාජය වී ඇත.
වෝන් - මුරලිදරන් ටෙස්ට් ක‍්‍රිකට් තරඟාවලිය යටතේ
පල්ලේකැලේ ක‍්‍රීඩා පිටියේ අද අවසන් වු පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 106ක ජයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකාව සමත් විය.
මෙම තරගය පුරාම විටින් විට අයහපත් කාලගුණය හරස් විය. ඒ නිසා අද තරඟය ආරම්භය ද පමා වූ අතර, ඊයේ දිනයේදී ද තරඟයට වර්ෂාවෙන් බාධා පැමිණුනා.


ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයේ පළමු ඉනිමේදී 117ක් ද  ඕස්ටේ‍්‍රලියාව 203ක්ද ගත්තා.
කුසල් මෙන්ඩිස් ලබා ගත් ලකුණු 176ත් සමඟ ශ‍්‍රී ලංකා දෙවන ඉනිම අවසන් වුණේ ලකුණු
353ක් ලෙසයි.
මෙම ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද ලකුණු 268ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය  ඕස්ටෙ‍්‍රලියාවට සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු  161 ක් පමණි.
විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ රංගන හේරත් පළමු ඉනිමේදී කඩුලූ 4 ක් සහ දෙවන ඉනිමේදී කඩුලූ 5 ක් ලබාගත් අතර ලක්ෂාන් සඳකැන් පළමු ඉනිමේදී කඩුලූ 4 ක් සහ දෙවන ඉනිමේදී කඩුලූ 3 ක් ලබාගත්තා.
ඓතිහාසික තරගයේ විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ කුසල් මෙන්ඩිස්ට තරගයේ වීරයා සම්මානය හිමිවුනා.
දෙවන ටෙස්ට් තරගය අගෝස්තු 4 වනදා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.