රට සිට එන පෙම්වතිය පුදුම කරවන්න
බුර්කාවක් ඇඳන් එයාර්පෝට් ගිය පෙම්වතා



කටුනායක ගුවන් තොටුපළ පරිශ‍්‍රයේදී ගුවන් ගමනක් සඳහා නොපැමිණි නමුත් අසාමාන්‍ය ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට පත් වුණා.
අමුත්තන් එන දොරටුව අසළ සිටි ඔහුගේ අසාමාන්‍යතාව වූයේ පිරිමි පුද්ගලයෙකුව සිට මුස්ලිම් කාන්තාවන් අඳින ඇස් හැර සියලූ ශරීරය ආවරණය වන බුර්කා ඇඳුමකින් සැරසී සිටීමය.
තමන්ට කැමති ඇඳුමක් කැමති ආකාරයකට ඇඳීමේ නිදහසක් සෑම අයෙකුටම තිබෙන නමුත්
පොලිසිය සැකකළේ මෙම පුද්ගලයා කිසියම් ජාවාරමක් සඳහා


මේසේ ආවේද යන්නයි.
කෙසේ වෙතත් ඔහුගේ සිරුර පරීක්ෂා කිරීමේදී කිසිම සැක කටයුතු දෙයක් හමුවී නැති අතර ඔහු පොලිසිය හමුවේ සිනාසෙමින් පැවසූ අපූරු කතාව වූයේ තමා මේ ආකාරයට ආවේ තම පෙම්වතිය කටාර් රාජ්‍යයේ සිට ලංකාවට එන අවස්ථාවේ ඇය පුදුම කරවන්නට විහිළුවක් ලෙස බවයි.
මෙම භයානක විහිළුව නිසා පොලිසිය අන්දමන්ද වූ අතර ඇත්තටම එවැනි පෙම්වතියක් පිටරට සිට එනවාදැයි පරීක්ෂාකාරී විය.
පැයකිහිපයක් යද්දී ඔහු කියූ පරිදි කටාර් සිට UR 665 දරණ ගුවන් යානයෙන් ඔහු දන්නා කියන කාන්තාවක පැමිණි බව පොලිසියට හඳුනාගන්නට හැකි විය. කෙසේ නමුත් ඇය පුදුම වී තිබුනේ ඔහුගේ ඇඳුමට පමණක් නොව ඔහු පොලිස් අත්අඩංගුවේ සිටීම ගැනය.
ගුවන් තොටුපළ වැනි අධි ආරක්ෂක විධිවිධාන පවතින ස්ථානයක භයානක විහිළුවක් කරන්නට හැදූ මෙම තරුණයා කොළඹ 12 ප‍්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකු බව හඳුනාගෙන ඇත.
කෙසේ වෙතත් ඔහුගේ පුදුම කරවන කතාව ඇත්තක්ද නැතිනම් වැඩක් වැරදුණු පසු ගෙතූ කෙප්පයක්ද යන්න ගැන පොලිසියට තවමත් සැක පවතින අතර ඒ ගැන තවදුරටත් පරීක්ෂා කරන්නට අපේක්ෂාවෙන් තොරතුරු ලබාගෙන ඔහු පැය කිහිපයක් රඳවා තබාගැනීමෙන් පසු නිදහස් කර තිබේ.