ජී අයි බට කේස් එකට ඇල්ලූ බැසිල් 
අමාරුවී රෝහලේ

පසුගිය ජනාධිපති මැතිවරණයේ මහින්ද රාජපක්ෂගේ ප‍්‍රචාරණය පිණිස එල්ලූ කටවුට් ආදිය සවිකිරීම සඳහා දිවයින පුරා බෙදාහරින ලද රුපියල් කෝටි තුනහමාරකට වැඩි වටිනාකමින් යුත් ජීඅයි බට ලබාදී ඇත්තේ ජනතාවගේ සංවර්ධනය සඳහා අයවැයෙන් මුදල් වෙන්කළ දිවි නැගුම අරමුදලින් බව හෙළිවීමෙන් පසු
ඒ සම්බන්ධ නියෝග දුන්

එවක ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ පසුගියදා අත්අඩංගුවට පත් වුණා.
ඔහු ඉදිරි දිනවලදී ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන්නට අපේක්ෂා කරන යම් යම් විරෝධතාවල මූලිකත්වයේ පසුවූ නිසා ඔහුගේ අත්අඩංගුවට ගැනීම දේශපාලන අරමුණකින් බාධා පැමිණවීමට සිදු කළ එකක් බව ඒකාබද්ධ විපක්ෂය දන්වා ඇත.
කෙසේ වෙතත් අත්අඩංගුවට පත්ව පැය 24 ක් යන්නට මත්තෙන් බැසිල් අසනීප බව දන්වා රෝහල් ගතවන්නට ඉල්ලීම් කළ අතර ඔහුගේ අසනීපය විමසන්නට මේවනවිට ජාතික රෝහලේ 15 වන වාට්ටුවට ඔහුව ගෙන ගොස් වෛද්‍ය පරීක්ෂණ සිදුකරමින් පවතී.
බැසිල් රාජපක්ෂගේ ප‍්‍රකාශකයෙකු පවසා ඇත්තේ ඔහු රෝග කිහිපයක් සඳහාම ප‍්‍රතිකාර අවශ්‍යවී රෝහල් ගතකර තිබෙන බවකි.