ඒඞ්ස් රෝගය ආසාදනයවී තිබෙන බව හඳුනාගැනීමේ එච්අයීවී පරීක්ෂණය ප‍්‍රචලිත කිරීමේ අරමුණින් බි‍්‍රතාන්‍යයේ මේ දිනවල ඒ ගැන ප‍්‍රවර්ධන කටයුතු සිදු වෙනවා.
ඒඞ්ස් හඳුනා ගැනීම සඳහා රුධිර පරීක්ෂණ වෙත යොමු වීම කොතෙක් වැදගත් ද යන්න පෙන්නුම් කරන්නට ඔවුන් බි‍්‍රතාන්‍ය රජ පවුලේ හැරී කුමරු එවන් සායනයක් වෙත කැඳවා රුධිර පරීක්ෂණයක් සිදු කර ප‍්‍රචාරයක් ලබාදී ඇත.
මධ්‍යම ලන්ඩනයේ බරල් වීදියේ ලිංගික සෞඛ්‍යය සායනයක් වෙත පැමිණ රුධිර පරීක්ෂණයක් සිදු කර ගනිමින් තමා එච්.අයි.වී. ආසාදිතයකු නොවන බව හැරී කුමරු තහවුරු කර ගත් බව වාර්තාවී තිබේ. එක්සත් රාජධානියේ එච්.අයි.වී ආසාදනය සමඟ ජීවත් වන සංඛ්‍යාව 100,000 කට වැඩි බවද වාර්තාවේ.