‘සමනලී’ නම සෞම්‍ය එකක් වුණාට
මම ගොරෝසුයි


තමන්ගේ නමට ගැලපෙන ආකාරයට වැඩ කරන්නට බැරි බවත් ලංකාව ආසියාතික සමාජයේ රටක් වීම නිසා කාන්තාවට එල්ලවන පීඩනය වැඩිවී ඇති නිසා ගොරෝසු චරිතයක් වන්නට සිදුවූ බවත් සිනමා නිළි සමනලි ෆොන්සේකා
පුවත්පතකට පවසා තිබෙනවා.

ඉරිදා ලංකාදීප පුවත්පතට අදහස් දක්වමින් ඇය මෙසේ කියා ඇත.

‘නමට සරිලන විදියටම මේ ලෝකයේ මිනිස්සු හැදෙනවා නම් ඒක කොච්චර හොඳද, නම කියන්නේ අනන්‍යතාවයට සංකේතයක් විතරයි. නමුත් කරන - කියන දේ එක්ක තමයි සමාජයට එය සාපේක්ෂ වන්නෙ. මනුෂ්‍යාගේ ගති පැවතුම් සහ ක්‍රියාකාරීත්වය එක්ක තීරණය වන දෙයක්. එහිදී කාන්තාව කියන මාතෘකාවේදී, කාන්තාව ආසියාතික රටවල රාමුවෙලා. සංස්කෘතිය - සදාචාරය ඉදිරියට ගෙන යන සහ කන බොන ඇවිදින විදිහ මේ ඔක්කොම සමාජය විසින් ඇයව රාමු කරලා ඉවරයි.
ඒත් අවිය අතට අරගෙන ලෝකයේ බොහෝ දේ වෙනස් කිරීම වෙනුවෙන් ඉගෙන ගන්න වගේම තම තමාගේ යුතුකම් සමාජයට කළ යුතුව තිබෙනවා. ඒ අනුව ශක්තිමත් පුරවැසියකු බවට පත්වන්න  ඕනෑ.’

සාකච්ඡාව - සඳුන් ගමගේ