මහ බැංකු මුල් පුටුවට එරාන් නොවේ
නන්දලාල් පත්වන ලකුණු

ශ‍්‍රී ලංකා මහබැංකුවේ වත්මන් අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය අවසන්වූ පසු පත් කරන්නට යන අලූත් අධිපතිවරයා පිළිබඳ විවිධ ආරංචි ඊයේ සිට පැතිර ගියා.
මේ වනවිට එහි එහි දෙවැනි තැන දරන ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ සඳහා ජනපති විසින් තෝරනු ඇති බවට
නිල නොවන ආරංචි පවතී.

නියෝජ්‍ය ඇමති එරාන් වික‍්‍රමරත්නගේ නම මේ සඳහා යෝජනා වී තිබුණද දේශපාලනඥයින් මේ පුටුවට පත්කිරීම සුදුසු නොවන බව කියමින් ඔහු එම තනතුර භාරගැනීම අවංකව ප‍්‍රතික්ෂේප කර තිබුණි.ඒ වෙනුවට චරිත රත්වත්තේගේ නම අගමැති රනිල් යෝජනා කළ බවටද කතාවක් පැවතිණි.
කෙසේ නමුත් ලැයිස්තුව අනුව මහ බැංකුවේ ඉදිරියෙන් සිටින අය පත්කිරීමට ජනපති සූදානම් වෙයි.

ඒ අනුව දැනට සුදුසුකම් ධූරාවලිය අනුව ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආචාර්ය ලලිත් සමරවීර හා දිනේෂ් වීරක්කොඩි ගැන අවධානය යොමුව ඇති අතර එයිනුත් වඩාත් සුදුස්සා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ පත්කරන්නට යන බව අලූත්ම ආරංචි හෙළි කරනවා.
නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකුවේ වසර 25 ක සේවා අත්දැකීම් ඇති අයෙකු වන අතර විශේෂයෙන්ම ආර්ථික පර්යේෂණ පිළිබඳ උනන්දු වන්නෙකි. දැනට ලෝක බැංකුවේ ලංකාව නියෝජනය කරන විධායක තනතුරක්ද ඒ මහතාට හිමිය.