වැට් බදු වෙනස් කරනවා
 - ජනපති කියයි

ජනතා විරෝධය හමුවේ ලබන සඳුදා සිට පවතින වැට් බද්දට සංශෝධන ගෙන එන බව ජනපති මෛත‍්‍රිපාල සිරිසේන අද(29) ගිරාඳුරුකෝට්ටේදී පවසා ඇත.
ගිරාදුරුකෝට්ටේ මහවැලි කී‍්‍රඩාංගණයේ
පැවති

වකුගඩු රෝග නිවාරණ බදුල්ල දිස්ති‍්‍රක් ජාතික වැඩසටහනට එක් වෙමින් ජනපතිවරයා මෙසේ කියා ඇත.

‘නව බදු පැනවීමත් සමග රටේ සාමාන්‍ය පොදු මහජනතාවගේ දෛනික ජන ජීවිතයට බලපා ඇති අපහසුතා මට දැනගන්නට ලැබුණා. ඒ ගැන සැලකිල්ලට ගනිමින් ජනතාවට සහන සැලසීම සඟහා බදු සංශෝධනයක් සිදු කිරීමට ද ඉදිරියේදි කටයුතු කරනවා. රාජ්‍ය නිලධාරින්ගේ වාහන බලපත‍්‍ර ප‍්‍රශ්නයත් විසඳනවා. මේ ගැන තීරණ අරන් වැට් බදු සංශෝධන ලබන සඳුදා ඉදිරිපත් කරනවා’