ලසිත් මාලිංග දේශපාලනයට එන්න හදන කතාව

පසුගිය දිනවල අයිපීඑල් තරගාවලිය හා දණහිසේ ආබාධ කතාව නිසා ආන්දෝලනයට තුඩුදුන් ක‍්‍රිකට් ක‍්‍රීඩක ලසිත් මාලිංග කලාතුරකින් සිදුවන්නක් ලෙස දේශපාලකයෙකු වෙත යාම නිසා ඔහු දේශපාලනයට පිවිසෙන්නට උත්සාහයක් පවතින බවට කතාවක් පැතිර පවතී. ඔහු ගොස් තිබුනේ
එජාපයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු වන රන්ජන් රාමනායකගේ නිවසටයි.

එහිදී ඔහු ඡායාරූප කිහිපයකටද පෙනී සිටියා.
ඔහු එහිදී කතාබහ කළ දේවල් තවමත් හෙළිදරව් කර නැත.

මේ වනවිට විස්සයි 20 තරග ක්ෂේත‍්‍රයේ ඉහළින්ම සිටින පන්දු යවන්නා වන මාලිංග සිය ශරීර ආබාධ නිසා තවදුරටත් රැඳෙන්නට බැරිව ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගතහොත් ඊළඟට දේශපාලනය තෝරාගනු ඇති බවට ඉඟියක් මෙම හමුව තුළින් සපයා ඇත.