තම කෝට්ටේ බල ප‍්‍රදේශයේ පිරිසිඳුකම සම්බන්ධ ගැටලූ ඇති බවත් නගාරාධිපති වන තමන්ගේ දරු දෙදෙනාව පවා ඩෙංගු රෝගයෙන් මුදාගැනීමට අසමත්වූ බවත් කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති ජනක රණවක මහතා පසුගියදා නගර සභා රැස්වීමේදී හෙළී දරව් කර තිබෙනවා.
‘මගේ ගෙදර ඩෙංගු කීටයෝ ඉන්නවා
නම් පී. එච්. අයි.

මහත්වරු මට නඩු දාන්න තිබුණා. නඩු නොදාපු එකෙන් අද මගේ දරුවන් දෙදෙනාටත් ඩෙංගු හැදිලා රෝහලේ.මීට දින 14 කට පෙර මගේ නිවස ආසන්නයේ නිවසක සිටි ඩෙංගු මදුරු කීටයන් සොයා ගැනීමට සෞඛ්‍ය නිලධාරීන්ට හැකිවී තිබුණා. ඒත් ඔවුන් ඒ අනුව නීත්‍යනුකූලව කටයුතු කිරීමට හෝ මදුරු කීට මර්දනයට අවශ්‍ය කටයුතු කර නැහැ.

මෙවැනි ක‍්‍රියා නිසා අද මගේ දරුවන් දෙදෙනාත් ඩෙංගු රෝගීන් බවට පත්වෙලා. එම නිලධාරීන්ට මා මීට පෙර උපදෙස් දී තිබුණා මගේ ගෙදර හරි ඩෙංගු මදුරු කීටයන් හිටියොත් නඩු පවරන්න කියලා. එම උපදෙස් ක‍්‍රියාත්මක නොකිරීම කණගාටුවට කරුණක්.’ යයි ඔහු සභාවේදී හෙළි කර සිටියා.