තමන්ට ගැහැණු අන්තඃපුරයක් ඇති බවට මාධ්‍ය ඔස්සේ විවිධ කතා පතුරවමින් සිටි වරායේ වෘත්තීය සමිති සේවකයින් තිදෙනෙකුට එරෙහිව ඇමති අර්ජුන රණතුංග නඩු මගට එළැඹ තිබෙනවා. ඔහු ඒ ගැන ඊයේ මෙසේ විස්තර කර සිටියේය.
‘පසුගිය දින කිහිපයේදී මම දිවයිනේ සිටියේ නැහැ. එම කාලයේදී
උදේනි කළුතන්ත‍්‍රි, ලාල් බංගමුවගේ, ප‍්‍රසන්න කළුතරගේ යන අය ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ
බේරේ වැව වඩු කාර්මික අංගණයේ සිදු කරමින් තිබූ ලී බඩු නිෂ්පාදනයක් ගැන මාධ්‍ය ඔස්සේ පොදු ජනතාව වෙත අමූලික බොරු ප‍්‍රකාශයක් සිදු කර තියෙනවා.

 එහිදී වඩුකාර්මික අංගණයේ නිපදවන භාණ්ඩ මගේ අන්තඃපුරයක් සඳහා නිපදවන භාණ්ඩ කියමින් මගේ චරිතය ඝාතනය වන ආකාරයටත්  අපහාස සිදු වන ආකාරයටත් මේ තිදෙනා අදහස් පළ කළා.
මෙම භාණ්ඩ වරාය අධිකාරියේ අවශ්‍යතාවන් සදහා නිපදවමින් පැවති ඒවා. මේ නිසා මෙම අසත්‍ය ප‍්‍රචාර පිළිබඳව සහ මට කරන ලද අපහාසය පිළිබඳව එන්තරවාසි මේ තිදෙනා වෙත යවා තිබෙනවා. කරන ලද අපහාසය වෙනුවෙන් එක් අයකුට රුපියල් මිලියන පන්සීයයක මුදලක් ගෙවන ලෙස දැන්නුවා. සභාපතිතුමාත් මාත් හොරකම නවත්තන්න යන වෙලාවේ මේ හොරකමෙන් යැපෙන මිනිස්සුන්ට රිදෙන බව තේරීලා තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.....”