
පසුගිය සැප්තැම්බර් මාසයේ බද්දේගම, වඩුගල ප්‍රදේශයේදී T-56 ගිනි අවියකින් වෙඩි තබා සිදුකළ සාහසික ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.
2026 සැප්තැම්බර් 27 වන දින මෙම අපරාධය සිදුවී තිබුණි. එදින වඩුගල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයෙකුට සහ කාන්තාවන් දෙදෙනෙකුට, මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙලෙස T-56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය සහ ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව විමර්ශන සිදු කරනු ලබයි. එම විමර්ශනවලට අනුව, අපරාධය සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු මේ වන විටත් හඳුනාගෙන ඇත. එහෙත්, ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටින බැවින් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
මෙසේ පොලිසිය මගහැර පළාගොස් ඇති සැකකරුවන් වන්නේ:
* බූස්ස, කැකිල්ල මංඩිය, අංක 47 ලිපිනයේ පදිංචි 50 හැවිරිදි ලද්දු කෝලිත යසරත්න ද සොයිසා (ජා.හැ.අ. 762905191V) * දොඩන්දූව, සුදුමැටිය, රජහේනවත්ත ලිපිනයේ පදිංචි 35 හැවිරිදි වතුදුර බුද්ධි මධුසංක ගුණසිරි (ජා.හැ.අ. 913161629V)
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වහාම දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඒ සඳහා බද්දේගම පොලිස් ස්ථානාධිපතිවරයා 071-8591480 යන අංකයෙන් ද, බද්දේගම පොලිස් ස්ථානය 091-2292222 යන අංකයෙන් ද සම්බන්ධ කරගත හැක.