
අද (16) සවස හොරණ - කොට්ටාව මාර්ගයේ මත්තේගොඩ හන්දිය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන ගිය සුඛෝපභෝගී මෝටර් රථයක් රථවාහන කිහිපයක ගැටීමෙන් බිහිසුණු රිය අනතුරක් සිදුව තිබේ. Honda Vezel වර්ගයේ මෙම මෝටර් රථය පාලනය කරගත නොහැකිව යතුරුපැදි සහ ත්රීරෝද රථයක ගැටීමෙන් පුද්ගලයින් කිහිප දෙනෙකුම බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.
හෝමාගම මූලස්ථාන පොලිසිය සඳහන් කරන පරිදි, මෙම අනතුර සිදුව ඇත්තේ හොරණ දෙස සිට කොට්ටාව දෙසට අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථය මත්තේගොඩ හන්දිය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන, ඊට ප්රතිවිරුද්ධව කොට්ටාව දෙස සිට හොරණ දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදි තුනක සහ ත්රීරෝද රථයක ගැටීමෙනි. මෝටර් රථය ඉතා අපරික්ෂාකාරීව "280" හොරණ මාර්ගයට අවතීර්ණ වීමට යාමේදී රියැදුරාට රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇක.
කෙසේ වෙතත්, මෙම ප්රබල ගැටුමෙන් යතුරුපැදි දෙකකට බරපතළ හානි සිදුව ඇති අතර ත්රීරෝද රථයට ද අලාභහානි සිදුව තිබේ. හෝමාගම පොලිසිය තහවුරු කළේ අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් පස්දෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත්, ඉන් දෙදෙනෙකුගේම පාද බිඳී ගොස් ඇති බවත්ය. මීට වෙනස් වූ අනෙක් වාර්තාවේ දැක්වෙන්නේ අනතුරින් තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ පුද්ගලයින් තිදෙනෙකු බවයි.
මෙලෙස මෝටර් රථය පාලනයෙන් ගිලිහී යාමට හේතුව කුමක්ද යන්න පිළිබඳව සිදුකළ මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රියැදුරුට නින්ද යාම අනතුරට හේතුව වී ඇති බවයි.
සිද්ධියට සම්බන්ධ මෝටර් රථයේ රියැදුරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, හෝමාගම මූලස්ථාන පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරනු ලබයි.