putin-trump-and-xi-jinping-wearing-scarves-photos

ලංකාවේ අපි දන්නේ මැදමුලනේ දේශපාලන පවුලක අය අඳින 'සාටක' ගැනයි. දැන් ඒවා ජාත්‍යන්තරයද ජයගෙන ඇත. දකුණු චීනයේ ෂෙන්සෙන් (Shenzhen) නගරයේ පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවේ වේදිකාව මත අද උදෑසන සටහන් වූයේ වසර නවයකට පසු දක්නට ලැබුණු සුවිශේෂී රාජ්‍ය තාන්ත්‍රික දසුනකි. 
සත්කාරක චීනය විසින් පිරිනමන ලද රතු සහ නිල් පැහැති සම්ප්‍රදායික සේද සළු සාටක පැළඳ සිටි ලෝක නායකයන් සමුළුවේ දෙවැනි සමූහ ඡායාරූපය හෙවත් නිල 'පවුලේ ඡායාරූපය' (family photo) සඳහා එක්ව සිටි අතර, එහි ඉදිරිපෙළ මැදට වන්නට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පෙනී සිටියේය.

පුටින් මෙලෙස පෞද්ගලිකවම එම ඡායාරූපයට පෙනී සිටියේ වසර නවයකට පසුව වීම විශේෂත්වයකි. ඔහු අවසන් වරට එලෙස පෞද්ගලිකව සහභාගී වී තිබුණේ 2017 වසරේ වියට්නාමයේ පැවති APEC සමුළුවටය. වසංගත සමය තුළ එනම් 2020 සහ 2021 වසරවලදී ඔහු සමුළුවට සම්බන්ධ වූයේ මාර්ගගත (virtual) ක්‍රමය ඔස්සේ වන අතර, ඉන් පසුව ඔහු පෞද්ගලිකවම මෙම ඡායාරූපයට පෙනී සිටි පළමු අවස්ථාව මෙය වේ.

කෙසේ වෙතත්, මෙම සමුළුවේ වඩාත් තීරණාත්මක අවස්ථාව ලෙස සැලකෙන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර පසුව පැවැත්වීමට නියමිත ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවයි. මෙම රටවල් තුනෙහි නායකයන් නිල වශයෙන් මෙවැනි හමුවක් පවත්වන පළමු අවස්ථාව මෙය වන අතර, ඊට අමතරව බ්‍රහස්පතින්දා දිනයේදී ට්‍රම්ප් සහ පුටින් අතර ද්විපාර්ශ්වික හමුවක් ද පැවැත්වීමට නියමිතය.