on-the-morning-of-the-incident-the-monks-of-rajanganan-posted-a-youtube-invitation-to-come-to-the-battle-to-drive-out-the-group

ඊයේ රට තුළ ප්‍රවත් මැවූ අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහ කණ්ඩායම පළවාහැරීමේ මෙහෙයුමට පෙර පූර්වගාමී කතාබහක් ඇති කළේ රාජාංගණයේ සද්ධාරතන හිමියන් එහි ගොස් ඇති කරගත් සංවාදයයි. එම සංවාදය සමග ගැටුමක් ඇතිවූ පසු පිරිසක් පැමිණ සත්‍යග්‍රහ කණ්ඩායමට එරෙහිව කෑකෝ ගසන්නටත් බුදු පිළිමය හා කළමනා ඉවත් කිරීමටත් කටයුතු කළ අතර යන එනමං නැතිව අසරණව බිම වාඩිවූ සත්‍යග්‍රහ උපවාස හිමිවරුන් සිව්නම පොලිසියේ කර මතින් ජීප් රථයට පටවා අත්අඩංගුවට පත්විය.

මේ අය නීතියට පටහැනිව එහි රැඳී සිටීම නිසා එම අත්අඩංගුවට පත්වීම අසාධාරණ බවට කිසිවෙකු ප්‍රශ්න කරේ නැත. මෙම සිද්ධිදාමය රජයේ මෙහෙයවීමකින් සිදුවීද යන සියුම් සැකය සමග මේ වනවිට කථාබහක් නිර්මාණයවී ඇත. පහත පළවන්නේ රාජාංගණයේ හිමි සිද්ධිය වූ දිනයේ උදෑසන සිය යූටියුබ් නාලිකාවෙන් ජනතාව අමතමින් පිරිස එළවන සටනකට තමන් සූදානම් බවත් 11 ට පැමිණ ඊට සහය දක්වන ලෙසත් සිය පරිශීලකයින්‍ට දන්වා සිටි අයුරුය.




"රාජාංගනයේ හාමුදුරුවෝ අද උදේ 11 වෙනකොට ඒ කියන්නේ අද දොළොස් වෙනිදා උදේ 11 වෙනකොට මහා සෑයට එනවා කියලා ඊයේ video එකක් දැම්මා. ඒකෙ කිව්වා වගේම එනවා. එනවා කිව්වොත් එනවා. අරගලය පටන් ගන්නකොට හාමුදුරු නමක් විදිහට ඉස්සෙල්ලාම ගිහින් බැස්සෙත් මම. ඊළඟට cricket පාලක මණ්ඩලයේ සභාපති එළවන්න එනවා කිව්වා මෙහෙන් පාන්දර නැගිටලා ගියේ මම. අදත් මහා සෑයට එනවා කියලා මම දාලා තියෙනවා, එනවා කිව්වොත් එනවා. හරි? මම කිව්වා ඔබට පණ පිටින් හිටියොත් එනවා කියලා අනිවාර්යයෙන් එනවා. මේ මොහොතේදීත් ඔබට පේනවා වහිනවා. වැස්ස නෙමෙයි මොනවා තිබුණත් 11 වෙනකොට මම ඔතන. හරිද?

මේ අර මහා සෑයට කරන අපරාදේ. මිනිස්සු ඉතාම ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා වඳින්නේ. මේ මූසලයෝ තමයි එළිවෙනකොට මුන්ගේ ගූ channel වලින්, හිරු කුඩු නාලිකාවෙන්, නයි දෙරණෙන් හැමදාම මිනිස්සු උදේම දකින්නේ මේවා. මුන්ගේ නාලිකා මුන්ට හොඳට සල්ලි තියෙනවා, අපි කොයි තරම් බැලුවත් බණිනවත් මිනිස්සු මේවා බලනවා. හරිද? ඉතින් මොකද උන්ට ඇතිවෙන්න සල්ලි තියෙනවා රජයේ වගේ නෙවෙයි රජයේ නාලිකා බලනවා අඩුයි, මුන්ගේ නාලිකා කළු සල්ලි යොදවලා ඇතිවෙනකන් හම්බකරලා රටේ මිනිස්සුන්ට බලන විදිහට වැඩකරලා තියෙන්නේ. ඉතින් අපි මොනවා කිව්වත් මුන්ගේ නාලිකා දෙක තාම නතර කරගන්න බැරිවුණා. දේශප්‍රේමී සියලු ජනතාවට ආරාධනා කරනවා එන්න මේකෙ දෙකෙන් එකක් විසඳගන්න. අනිවාර්යයෙන්ම මේ වැඩේ නතර කරන්න ඕනේ.




අපි... අපේ හදවත, අපේ ජීවිතේ තමයි අටමස්ථානය කියන්නේ. ඒ අතරිනුත් රුවන්වැලි මහා සෑය කියලා කියන්නේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් කරලා තියෙන ජීවමාන බුදු හාමුදුරුවෝ හා සමානයි. ඉතින් මේ කාලකණ්ණි හැත්ත මිනිස්සුන්ට වැඩක් කරගන්නෙත් නෑ රටටම මූසලයි. ඒ මුන්ගේ අණ්ඩවැඩියාව තමයි පටන් ගත්තේ. ඔය බලන්ගොඩ කස්සපයා මේ ජනාධිපතිතුමා පත්වෙච්ච දවසේ ඉඳලා, පාර්ලිමේන්තුව විසුරුවා හරින දවසේ ඉඳලා මේ රටට මූසල වැඩමයි කරන්නේ. මේ රටේ පාලනය ගෙනියන්න දෙන්නේ නෑ. බුදු පිළිමයක් උස්සන් දුවනවා, පාගින් යනවා, දැන් මේ මහා සෑයේ රෙනවා, යන යන තැන රෙනවා මේක ඉවරවෙන්න එපැයි. හරි?

මේක පොලිසියටවත් බැරිනම්, මේක අධිකරණයට මුන් කියන දේ අහන්නෙත් නැත්නම්, මේ වැඩේ තියෙන්නේ ජනතාවට. මිනිස්සුන්ට. හරි? ගෝඨාව එළෙව්වා වගේ අනිවාර්යයෙන් මේ කරුමෙත් ඉවරයක් කරන්න ඕනේ. දෙකක් නෑ පරාජිත තක්කඩි කාලකණ්ණි හොර දේශපාලුවො ටික මුන්ගේ පස්සේ ඉන්නේ. තනිකරම රොටියා. හරිද? ඒ වගේම රනිල්ගේ හැත්ත බලය ගන්න හදන්නේ හැමදාම කුමන්ත්‍රණ වලින්. මිනිස්සු ආදරය කරන නායකයෙක් රට පාලනය කරනවා. ඒ මනුස්සයගෙන් මොකක්ද රටට තියෙන වරද? මේ ආණ්ඩුවෙන් මොකක්ද තියෙන වරද? ගෝලීය ප්‍රශ්න හමුවේ ලෝක යුද්ධ හමුවේ මේ රට මෙහෙමවත් අරගෙන යන එක මදිද? අනිත් එක මිනිස්සුන්ගේ දේවල් හොරකම් කරලා නෑ. අපි උදව් කරේ ඒකයි. හොරුන්ට අපි කැමති නෑ.



හරි? ඒකනිසා වචනෙ නම් වචනේ. අනිත් එක තමයි මේ Facebook ප්‍රදර්ශනයටවත්, YouTube ප්‍රදර්ශනයටවත්, මේ පොරක් වෙන්නවත් නෙමෙයි. මේ හදවතින්ම එන්නේ මම මගේ channel වල live දෙන්නෙත් නෑ. video එකක්වත් මගේ නාලිකාවක මේවා දාන්නෙත් නෑ. හරි? මේ එන්නේ බලාගෙන ඉඳලා බැරිම තැන.

හරිද? රාජාංගනයේ හාමුදුරුවෝ කියන්නේ එහෙම මේ මේ පහත් තත්වයේ මනුස්සයෙක් නෙමෙයි. මේ හැම කැපකිරීමක්ම කරන්නේ මගේ රට ජාතිය ආගම වෙනුවෙන්. ඒ නිසා මේකට සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගර්ද මැලේද මේ රටට ආදරය කරන ඕනෑම මනුස්සයෙකුට මම යලිත් වතාවක් ආරාධනා කරනවා අනිවාර්යයෙන්ම දැන් මං මේ video එක දානකොට මං හිතන්නේ 7:40 ට විතර ඇති වෙලාව. අනිවාර්යයෙන්ම 11 ට විනාඩියක් තියලා හරි රාජාංගනයේ හාමුදුරුවෝ ඔතන ඇති. වචනෙ නම් වචනේ. හරි? කිව්වොත් කිව්වා. ඇයි දෙකක් නෑ. හරි?

රටට ආදරය කරන මිනිස්සුන්ට කියනවා එන්න මේ වසංගතේ මේක මහා මූසලයෙක් මු. හරිද? මේක මූසලයෙක්. මූ රටටම මූ දැක්කහම කැඳත් නෑ උදේට. මේක මේ මේ රට යන්තම් හුස්ම ගන්නවා මුන් මේ රට කරන්න දෙන්නේ නෑනේ මේ ජනාධිපතිතුමාට. හරි? කකුලෙන් අදින එකනේ කරන්නේ. මුන්ගේ උන් 76 ක් රට කෑවා. කාලා කාලා විනාශ කරලා පෝලිං වල මිනිස්සු මැරුණා. හරි? මේ හැත්ත මුන් කරන්න දෙන්නේ නෑනේ. ඔව් එකෙක් පාරට බැස්සද? නෑ.

ඒ නිසා රටේ මිනිස්සුන්ට කියනවා අනිවාර්යයෙන්ම මේකට සම්බන්ධ වෙන්න අපි මේ තවමත් අපි මේ රටට ආදරය කරන මිනිස්සු ඉන්නවා හාමුදුරුවරු ඉන්නවා. හැමෝටම ආරාධනා කරනවා මේ මේ වැඩසටහන මම පොර වෙන්නවත් මම ලොක්කා වෙන්නවත් නෙමෙයි මේ බලාගෙන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා බැරිම තැන තමයි මේ එලියට බහින්නේ එදාත් ඒ වගේ. ගෝඨාව එලවන්න පාරට බැස්සේ පලවෙනි video එක දැම්මේ බලාගෙන ඉඳලා බැරිම තැන. එලවලමයි නතර කලේ.

දැන් මේ මේ මේ කස්සප වසංගතෙත් ඒ වගේ තමයි බලාගෙන ඉඳලා බැරිම තැන තමයි මේ පාරට බහින්නේ දෙකෙන් එකක් විසඳගන්න ඕනේ. ඒ නිසා මව්බිමට ආදරය කරන මිනිස්සු බුද්ධාගමට ආදරය කරන මිනිස්සු බුද්ධාගම බේරගන්න වෙන්නේ මේ කාගෙද අනුර කුමාරගෙන්වත් හරිනිගෙන්වත් නෙමෙයි. මුන්ගෙන්. කස්සපලා, උලපනේලා මේ මේ set එකෙන් තමයි මේ බේරගන්න වෙලා තියෙන්නේ. තිත්තගල්ලෙලා මුන්ගෙන් තමයි මේ බුද්ධ ශාසනය බේරගන්න වෙලා තියෙන්නේ.

ඒ නිසා රටේ මිනිස්සුන්ට කියනවා සිවුර සිවුර කියලා බලන්න එපා, සිවුර හරකෙකුට වුනත් පොරවන්න පුළුවන්. මුන් සිවුර දාගෙන කරන තක්කඩි අපත වැඩ. ඒ නිසා මේ වැඩේට එකතු වෙන්න කියනවා, ඔන්න මගේ දුරකථන අංකය කියන්නම් 077 372 6580 තමයි මගේ දුරකථන අංකය. 077 372 6580."