රුසියාවේ මොස්කව් නුවර සිට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි Azur Air ගුවන් සේවයට අයත් යානයක්, බෝම්බ බියක් හේතුවෙන් දැඩි පරීක්ෂාවකට ලක් කර තිබේ.
මෙම හදිසි ආරක්ෂක තත්ත්වයත් සමඟ ගුවන් ගමන් කටයුතුවලට ද බලපෑම් එල්ල වී ඇති අතර, උස්බෙකිස්තානයේ සිට මත්තල වෙත පැමිණීමට නියමිතව තිබූ තවත් ගුවන් යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත හරවා යවා ඇති බව වාර්තා වේ.
මොස්කව් නුවර සිට ගමන් ආරම්භ කළ අදාළ Azur Air ගුවන් යානය මත්තලට ළඟා වීමෙන් අනතුරුව මෙලෙස පූර්ණ පරීක්ෂාවකට භාජනය කර ඇති අතර, උස්බෙකිස්තාන යානය කටුනායකට යොමු කිරීමත් සමඟ ගුවන් තොටුපළ මෙහෙයුම් කටයුතුවල යම් වෙනසක් සිදුව ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.