හැටන් සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ඊයේ (28) පස්වරුවේ අනපේක්ෂිත අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් මගියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගිනිගත්හේන, කළුගල පොලිස් මුරපොළ ආසන්නයේදී පස්වරු 2.30ට පමණ මෙම අනතුර සිදුව ඇත. කඳු බෑවුමකින් පෙරළී ආ ගලක් බස් රථය මතට පතිත වී ඇති අතර, එය බස් රථය තුළ අසුන්ගෙන සිටි මගියෙකුගේ සිරුරේ වැදී තිබේ.
සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ එම මගියා ගිනිගත්හේන ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතත්, රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආගරපතන ප්රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි.
ගල පතිත වීම හේතුවෙන් බස් රථයට ද දැඩි අලාභහානි සිදුව තිබේ. මෑතකදී ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් මෙම ගල කඳු බෑවුමෙන් පෙරළී එන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.