prime-minister-malima-remanded-for-assaulting-employee-at-his-biscuit-factory

තමන්ට අයත් කර්මාන්තශාලාවක සේවය කළ තරුණ සේවිකාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.




මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන පොල්ගහවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී විජේසිංහ ආරච්චිලාගේ දිනේෂ් සමන්ත කුමාර විජේසිංහ නැමැත්තාය.

සැකකාර මන්ත්‍රීවරයාට අයත් බිස්කට් නිෂ්පාදන කම්හලක සේවය කරන විසි හැවිරිදි තරුණියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොතුහැර පොලිසිය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අදාළ කාන්තාවට ලිංගික හිරිහැර සිදුකිරීම සම්බන්ධයෙන් ලැබුණු එම පැමිණිල්ල මත සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි.




පොලිසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පොල්ගහවෙල මහේස්ත්‍රාත් උදුම්බරා දසනායක මහත්මිය අද (22) නියෝග කළේ අදාළ මන්ත්‍රීවරයා එළඹෙන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.