presiding-judge-of-the-court-of-appeal-withdraws-from-gnanasara-theros-robe-case

සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සඳහා බන්ධනාගාර බලධාරීන් විසින් ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම විභාග කරන විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ඉවත් වී තිබේ.




බන්ධනාගාර බලධාරීන්ගේ අදාළ තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණි. එය සලකා බැලීමේ කටයුතුවලින් තමන් ඉවත් වන බව සභාපති විනිසුරුවරයා විසින් දැනුම් දීමෙන් අනතුරුව, පෙත්සම සලකා බැලීම සඳහා නව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට ද ඔහු පියවර ගෙන ඇත.

ඒ අනුව, මෙම පෙත්සම් සලකා බැලීම සඳහා විනිසුරු අමල් රණරාජා, විනිසුරු මහෙන් ගොපල්ලව සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබ තිබේ.