a-body-was-found-floating-in-a-reservoir-at-panmoor-estate-hatton

හැටන් පොලිස් බලප්‍රදේශයට අයත් පන්මූර් වතුයායේ ජලාශයක පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (22) දින සොයාගැනීමට හැටන් පොලිසියට හැකි වී තිබේ.




මෙම සිදුවීම පිළිබඳව පළමුවෙන් දැනුවත් වී ඇත්තේ එම වතුයායේම සේවය කරන කම්කරුවන් පිරිසකි. ජලාශයේ මළ සිරුරක් පාවෙන බවට ඔවුන් විසින් පොලිසියට ලබා දුන් තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් මෙම ස්ථානයට පැමිණ සිරුර සොයාගෙන ඇත.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ට ජලාශය ආසන්නයේ තිබී තවත් ද්‍රව්‍ය කිහිපයක් ද හමුවී තිබේ. ඒ අනුව පාවහන් යුවළක්, කුඩයක් සහ මුදල් පසුම්බියක් එලෙස පොලිසිය විසින් සොයාගෙන ඇත.




සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය මේ වන විට අංශ කිහිපයක් ඔස්සේම විමර්ශන කටයුතු සිදු කරමින් පවතියි.

a-body-was-found-floating-in-a-reservoir-at-panmoor-estate-hatton

a-body-was-found-floating-in-a-reservoir-at-panmoor-estate-hatton

a-body-was-found-floating-in-a-reservoir-at-panmoor-estate-hatton