හෘද රෝගයකට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යයි කියමින් මීට දින කිහිපයකට පෙර සිංගප්පූරුව බලා පිටත්ව ගිය හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටීම මඟහරිමින් සාප්පු සවාරි යන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ විශාල දේශපාලන ආන්දෝලනයක් හටගෙන තිබේ. 'සිරිලිය සවිය' සංවිධානයට අදාළ බැංකු ගිණුම්වල සිදුවූ බව කියන මිලියන ගණනක මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් හුවමාරු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉකුත් 24 වැනිදා FCIDය හමුවේ පෙනී සිටින ලෙස ඇයට කැඳවීමක් කර තිබිණි.
පසුගිය 16 වැනිදා අලුයම 01.10 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරන ගුවන් යානයෙන් ඇය මෙලෙස දිවයිනෙන් පිටව ගිය අතර, එය 'පළායාමක්' නොවන බවත්, හෘද රෝගයකට ප්‍රතිකාර ලබාගෙන 18 වැනිදා නැවත පැමිණ 24 වැනිදා FCIDය හමුවේ පෙනී සිටින බවත් ඇගේ නීතිඥවරයා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශ කර සිටියේය. කෙසේවෙතත්, පොරොන්දු වූ පරිදි 18 වැනිදා මෙරටට නොපැමිණි ඇය, 24 වැනිදාද පසුවී අද වන තෙක්ම සිංගප්පූරුවේ රැඳී සිටින්නී ය.
ඇය සිංගප්පූරුවේදී අක්ෂි සැත්කමකට මුහුණදුන් බවටත්, වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු ඇසට විවේකය හා ආරක්ෂාව අවශ්‍ය බැවින් තවදුරටත් විදේශයේ රැඳී සිටින බවටත් පවසමින් අලුත් කතාවක් ඉදිරිපත් කිරීමට ඇගේ නීතිඥවරයා කටයුතු කර තිබිණි. සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර ගන්නා බව පැවසුවද, ඊට අදාළ කිසිදු වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීමට ඇගේ පාර්ශ්වය අසමත් වී ඇත. මෙසේ තිබියදී, ඉකුත් 18 වැනිදා සිංගප්පූරුවේ ඕචඩ් පාරේ පිහිටි '313@somerset' සුප්‍රකට සාප්පු සංකීර්ණය අසළදී ඇය තවත් කාන්තාවක සමඟ සාප්පු සවාරි යමින් සිටිනු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරිණි. අනතුරුව, ඉකුත් 25 වැනිදා ඇය මුස්ලිම් කාන්තාවක ලෙස වෙස්වලාගෙන සාප්පු සවාරි යන තවත් දර්ශන පෙළක් ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ, ඇය ව්‍යාජ හේතු දක්වමින් පොලිසිය සහ මහජනතාව මුලා කර ඇති බවට දැඩි විවේචනයක් මතුව තිබේ.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙලෙස විදේශගතව ඇත්තේ තනිවම නොව, රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දම්මා සහ ආරක්ෂකයින් සමඟ වන අතර, මහින්ද රාජපක්ෂ මහතා මෙරට තනි කර තබා ඇය මෙසේ පිටත්ව යාම පිටුපස ඇත්තේ හුදෙක් වෛද්‍ය ප්‍රතිකාර පමණක්ද යන්න පිළිබඳව දැඩි සැකසංකා මතු වේ. ක්‍රීඩා අමාත්‍යාංශයට අවශ්‍ය බව පවසමින් කෝටි ගණනක රේගු බදු සහන යටතේ මෙරටට ගෙන්වා, පසුව ඇය යටතේ පවත්වාගෙන ගිය 'කාල්ටන් පෙරපාසල' වෙත ලබාදුන් සුඛෝපභෝගී බස් රථ දෙකක මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ චෝදනා ගොනුකිරීමට ප්‍රමාණවත් කරුණු ඇති බවට නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ. මීට අමතරව, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට සී.ටී. ස්කෑනර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට යයි පවසමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් (NSB) ලබාගත් රුපියල් මිලියන 100 ක මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකුගේ උපන්දින සැමරුමකට යොදාගනිමින් අවභාවිත කිරීම පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මක වේ.
විමර්ශනවලදී හෙළිවී ඇති ආකාරයට, කොළඹ ඩාර්ලි පාරේ සුදුවැල්ල මහජන බැංකු ශාඛාවේ පවත්වාගෙන ගිය 'සිරිලිය සවිය' බැංකු ගිණුමෙන් අවස්ථා 88 කදී රුපියල් 82,900,089 ක මුදලක් බැර කර ඇති අතර, අවස්ථා 129 කදී රුපියල් 39,015,651 ක් ආපසු ලබාගෙන ඇත. එමෙන්ම රුපියල් මිලියන 10 ක ස්ථාවර තැන්පතුවක්ද පවතී. මෙම ගිණුමේ බලයලත් අත්සන්කරුවන් ලෙස '222222222' සහ '111111111' වැනි ව්‍යාජ ජාතික හැඳුනුම්පත් අංක ලබාදී ඇති අතර, ගිණුම් හිමියන්ගේ තොරතුරු ඇතුළත් ලේඛනයද (Mandate) අතුරුදහන් කර ඇත. මීට අමතරව, එම අරමුදල්වලින් මිලදී ගත් කොළඹ 07, ටොරින්ටන් ඇවිනියු හි අංක 260/17 දරන, රුපියල් මිලියන 200 කට වඩා වටිනා නිවස 'තාරුණ්‍යයට හෙටක්', 'නිල් බලකාය' සහ 'සිරිලිය සවිය' සංවිධානවල ලියාපදිංචි ලිපිනය ලෙස භාවිත කර තිබේ.
තත්ත්වය තවත් බරපතළ කරමින්, ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට යොදාගත් ඩිෆෙන්ඩර් රථය සිරිලිය සවියට රතු කුරුස සංවිධානයෙන් ලැබුණු එකක් බවත්, එහි වර්ණය වෙනස් කර ඝාතනයට යොදාගෙන ඇති බවත් අනාවරණය වී ඇත. එදින අරලියගහ මන්දිරයෙන් නාරාහේන්පිට පොලිසියට ලබාගත් දුරකථන ඇමතුම් මෙන්ම, තාජුඩීන් මියයාමට පෙර අවසන් වරට සිටි මිතුරා (පාස්කු ප්‍රහාරයෙන් ෂැංග්‍රි-ලා හෝටලයේදී මියගිය වාහන අලෙවි ව්‍යාපාරිකයා) අතර ඇති සබඳතාව පිළිබඳවද පරීක්ෂණ පැවැත්වේ. මෙතරම් බරපතළ චෝදනා සහ විමර්ශන පවතිද්දී ඇයට එරෙහිව විදේශගත වීම වැළැක්වීමේ අධිකරණ නියෝගයක් ලබාගැනීමට වගකිවයුතු අංශ ක්‍රියා නොකිරීම බරපතළ ගැටලුවකි.
තහවුරු නොකළ ආරංචි මාර්ගවලට අනුව, ඇය අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා රාජපක්ෂ පවුලේ බාල පුත්‍රයා ඇතුළු පිරිසක් භික්ෂූන් වහන්සේලා මාර්ගයෙන් ජනාධිපතිවරයා වෙත කළ මානුෂීය ඉල්ලීම් අසාර්ථක වී තිබේ. සිංගප්පූරුවේ දින 30ක සංචාරක වීසා කාලය අවසන් වූ පසු, මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම වෙනත් රටකට මාරුවීමට හෝ මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබූ අර්ජුන් මහේන්ද්‍රන් මෙන් අනන්‍යතාව වෙනස් කරගනිමින් විදේශයක රැඳී සිටීමට සූදානමක් පවතින බවටද පැවසෙයි. අසනීපවලට මුවාවෙමින් නීතියේ රැහැනින් මිදීමට දරන මෙවැනි උත්සාහයන් හමුවේ, සාධාරණ නීතියේ ආධිපත්‍යය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය දැඩි ලෙස අභියෝගයට ලක්ව තිබේ.
✉️ editor@gossiplankanews.com
Loading posts...



