ගාල්ල දෙවැට ප්රදේශයේ වෙරළ තීරය ආශ්රිතව පවත්වාගෙන ගිය අනවසර වෙළඳසැල් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් අද (10) පෙරවරුවේ ක්රියාත්මක කෙරුණි. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය ඇතුළු රාජ්ය ආයතන කිහිපයක නිලධාරීන් එක්ව මෙම අනවසර ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙයි.
කෙසේ වෙතත්, අදාළ බලධාරීන් විසින් වෙළඳසැල් ඉවත් කිරීමේ කටයුතු සිදුකරන අවස්ථාවේදී ඊට එරෙහිව ප්රදේශයේ වෙළෙඳුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බව වාර්තා වෙයි.
