polices-hollywood-operation-catches-those-who-tried-to-flee-in-pannala-video

ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පන්නල ප්‍රදේශයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකදී, පොලිස් අණ නොතකා පලා යාමට උත්සාහ කළ මෝටර් රථයක ටයර්වලට වෙඩි තබා එම රථය පන්නල නගරය ආසන්නයේදී නතර කර ගැනීමට පොලීසිය සමත් විය. අද (22) සිදු වූ මෙම ලුහුබැඳීමේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හොලිවුඩ් චිත්‍රපටයක චර්ශන පෙළක් වැනි මෙම වැටළීමේ වීඩියෝව මේ වනවිට බොහෝ දෙනා කථාබහට ලක්කර තිබේ.




සැකකටයුතු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත ගිරිඋල්ල පොලීසියේ නිලධාරීන් පිරිසක් අදාළ මෝටර් රථය ලුහුබැඳ ගොස් තිබේ. එම අවස්ථාවේදී රථය නතර කරන ලෙස පොලීසිය අණ කළද රියදුරු එය නොතකා තවදුරටත් රථය ධාවනය කර ඇති අතර, ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් රථයේ ටයර්වලට වෙඩි තැබීමට පියවර ගෙන ඇත.

අවසානයේ පන්නල නගරය ආසන්නයේදී රථය නතර කර ගැනීමට හැකි වී ඇති අතර, එහිදී රථය පැදවූ සැකකාර ජාවාරම්කරු මෙන්ම රථයේ පසුපස අසුනේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකුද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් නිලධාරීන් රථය වටලා එහි වීදුරුවක් කඩා දමන ආකාරය අදාළ සිදුවීමේ වීඩියෝ දර්ශනවල සටහන්ව ඇත.




මෙම මෙහෙයුමේදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 15.260 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 924,770 ක මුදලක්ද පොලිස් බාරයට ගෙන තිබේ.

gossiplanka image