one-person-killed-in-shooting-at-a-house-in-boralesgamuwa

බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළදී සිදු වූ වෙඩි තැබීමකින් 74 හැවිරිදි පුද්ගලයෙකු අද (04) රාත්‍රියේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය තැනැත්තා සිය නිවෙසේ රැඳී සිටි අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි හඳුනානොගත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් පිස්තෝල ගිනි අවියකින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

වෙඩිතැබීමෙන් අනතුරුව ප්‍රහාරකයින් එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

one-person-killed-in-shooting-at-a-house-in-boralesgamuwa

one-person-killed-in-shooting-at-a-house-in-boralesgamuwa