king-charles-in-trouble-over-latest-book-published-by-princess-dianas-brother

ඩයනා කුමරියගේ සහෝදරයා වන අර්ල් ස්පෙන්සර් විසින් රචිත, බ්‍රිතාන්‍ය රාජකීය පවුල දැඩි කම්පනයකට ලක් කළ හැකි නවතම ග්‍රන්ථයක් පිළිබඳ තොරතුරු මේ වන විට අනාවරණය වී තිබේ. "ස්වෝන් සෝන්ග්: ඩයනා, මයි සිස්ටර්" (Swan Song: Diana, my sister) ලෙස නම් කර ඇති මෙම කෘතිය හරහා ඩයනා කුමරිය සම්බන්ධයෙන් මෙතෙක් පැවති අසත්‍ය මත නිවැරදි කිරීමට ඔහු අපේක්ෂා කරයි.

චාල්ස් කුමරු සහ ඩයනා අතර පැවති අසාර්ථක විවාහය මෙන්ම 1997 වසරේ පැරිස් නුවරදී ඇය මුහුණ දුන් ඛේදනීය රිය අනතුරින් පසු ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳව ද මෙහි සුවිශේෂී කරුණු රැසක් අඩංගු වේ.




මෙම ග්‍රන්ථයේ ඇතුළත් වඩාත් ආන්දෝලනාත්මක සිදුවීමක් වන්නේ ඩයනා කුමරියගේ අවමංගල්‍ය පෙරහැර සම්බන්ධයෙන් චාල්ස් රජු (එවකට චාල්ස් කුමරු) සහ අර්ල් ස්පෙන්සර් අතර මීට වසර තිහකට පමණ පෙර ඇති වූ උණුසුම් දුරකථන සංවාදයයි. විලියම් සහ හැරී කුමරුවන්ද තම මවගේ දේහය පසුපස ගමන් කළ යුතු බවට රාජකීය නිලධාරීන් කළ දැනුම්දීමට ස්පෙන්සර් මුලින් දැඩි ලෙස විරුද්ධ වී ඇත. ඉන් අනතුරුව චාල්ස් කුමරු දුරකථනයෙන් අමතා ඊට බලපෑම් කර ඇති අතර, එහිදී ඔහු දැඩි කෝපයෙන් යුතුව අදහස් දක්වා තිබේ. තම කෝපය පිට කිරීමෙන් අනතුරුව චාල්ස් කුමරු "අපිට ඇයව ඉක්මනින්ම අමතක වී යාවි" යනුවෙන් පැවසූ බවත්, ඉන් තමන් දැඩි කම්පනයට පත්වූ බවත් ස්පෙන්සර් මෙම කෘතියේ සටහන් කර ඇත. 1997 සැප්තැම්බර් 6 වන දින වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී ඩයනාගේ දේහය පසුපස විලියම්, හැරී, චාල්ස් සහ පිලිප් කුමරුන් සමඟ ගමන් කිරීමෙන් පසු අර්ල් ස්පෙන්සර් විසින් සිදු කළ හැඟීම්බර ගුණකථනය ද මෙහිදී සිහිපත් කර තිබේ.

මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් බකිංහැම් මාලිගයේ ප්‍රකාශකයෙකු අදහස් දක්වමින් පවසා ඇත්තේ, සහෝදරයෙකුගේ වියෝවෙන් ඇතිවන ශෝකය හේතුවෙන් පුද්ගලයෙකුගේ මතකය සහ තර්කනය වෙනස් විය හැකි බව රජු විශ්වාස කරන බවයි. සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය සිය දරුවන් සමග කැලිෆෝනියාවේ සිට නැවත එක්සත් රාජධානියට පැමිණ සති කිහිපයකට පසු එළිදැක්වෙන මෙම කෘතිය, බකිංහැම් මාලිගය තුළ නව අර්බුදයක් නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. පෙන්ගුයින් මයිකල් ජෝසප් ආයතනයේ ප්‍රකාශනයක් ලෙස ලබන අඟහරුවාදා ලොව පුරා නිකුත් වීමට නියමිත මෙම ඓතිහාසික ග්‍රන්ථයේ පිටපත් හතරක් නෙදර්ලන්තයේ නවතා තිබූ ලොරි රථයකින් සොරාගැනීමේ අභිරහස් සිදුවීමක් සම්බන්ධයෙන් ද එරට පොලිසිය මේ වන විට පරීක්ෂණ පවත්වයි. 

king-charles-in-trouble-over-latest-book-published-by-princess-dianas-brother

king-charles-in-trouble-over-latest-book-published-by-princess-dianas-brother