gotabaya-comes-under-fcid

ආන්දෝලනාත්මක මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් පවත්වනු ලබන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ ඇත.




අදාළ පරීක්ෂණ සදහා සිදුකළ කැඳවීමකට අනුව ඔහු මෙලෙස එම විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට ඇති බව වාර්තා වේ.

මේ අතර, එකී මිග් යානා ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා ද ඊයේ (10) දිනයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ. එලෙස පැමිණි ඒ මහතා පැය කිහිපයක කාලයක් තිස්සේ ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස පරිශ්‍රයෙන් පිටව ගොස් ඇත.