famous-singer-lionel-richie-hospitalized

සුප්‍රකට ගායක ලයනල් රිචී (Lionel Richie) නැවත වරක් හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. හදවතේ අසාමාන්‍ය ස්පන්දන රටාවක් ඇතිවන 'ඇට්‍රියල් ෆයිබ්‍රිලේෂන්' (atrial fibrillation) නැමැති රෝගී තත්ත්වය සඳහා ඔහු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.1949 උපන් ඔහුගේ වයස 77 කි.




වෛද්‍යවරුන් විසින් ඔහුව 'ඒෆිබ් ඇබ්ලේෂන්' (AFib ablation) නැමැති ප්‍රතිකාර ක්‍රමවේදයකට යොමු කර ඇති අතර, එය විශාල හෝ බරපතල ශල්‍යකර්මයක් ලෙස සැලකෙන්නේ නැත. හදවතේ අක්‍රමවත් විද්‍යුත් සංඥා අවහිර කරමින් සාමාන්‍ය ස්පන්දන රටාව නැවත ලබා ගැනීම සඳහා මෙම අවම ආක්‍රමණශීලී ප්‍රතිකාරය මගින් හදවතේ කුඩා කැළැල් ඇති කරනු ලබයි.

මෙම හදිසි සෞඛ්‍ය ගැටලුව හේතුවෙන් ලයනල් රිචී සහ 'අර්ත්, වින්ඩ් ඇන්ඩ් ෆයර්' (Earth, Wind & Fire) කණ්ඩායම එක්ව පවත්වනු ලබන "සිං අ සෝන්ග් ඕල් නයිට් ලෝන්ග්" (Sing a Song All Night Long) සංගීත ප්‍රසංග සංචාරයේ ඉදිරි දර්ශන තුනක් අවලංගු කිරීමට සිදුව තිබේ. ඒ අනුව සෙනසුරාදා සැන් ෆ්රැන්සිස්කෝ හි පැවැත්වීමට තිබූ ප්‍රසංගය ඇතුළුව සැප්තැම්බර් 30 වනදා චිකාගෝ හි සහ ඔක්තෝබර් 2 වනදා ඔහායෝ හි කොලම්බස් හි පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංග මෙසේ අවලංගු කර ඇත.




පසුගිය මාස තුන ඇතුළත ලයනල් රිචී රෝහල්ගත වූ තෙවැනි අවස්ථාව මෙය වේ. පසුගිය අගෝස්තු මාසයේ පැවැති සංගීත ප්‍රසංගයකින් අනතුරුව හෘදයාබාධ සම්බන්ධ පරීක්ෂණ සඳහා ඔහු සෙන්ට් ලුයිස් රෝහලට ඇතුළත් වූ අතර, දින තුනක කාලයක් දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලැබීමෙන් පසු නිවස බලා පිටත්ව ගියේය.

මීට පෙර ජූනි මාසයේදී ද සෙන්ට් පෝල් හි පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර ක්ලන්ත ගතියක් සහ අසාමාන්‍ය අපහසුතාවක් දැනීම හේතුවෙන් ප්‍රසංගය අතරමැදදී නවතා දැමීමට ඔහුට සිදු වූ අතර, අනතුරුව සුවසැරිය සේවකයන් විසින් ගිලන් රථයකින් ඔහුව හදිසියේම රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණි. 

(ටී එම් ඉසෙඩ් වාර්තාව ඇසුරිනි)

famous-singer-lionel-richie-hospitalized