uk-residents-shocked-after-missing-child-found-dead

එක්සත් රාජධානියේ සෆොක් ප්‍රාන්තයේ බ්‍රැන්තම් ගම්මානයේදී අතුරුදන් වූ තුන් හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් පොලිස් කිමිදුම්කරුවන් විසින් පොකුණකින් සොයාගෙන තිබේ. නෝවා වුඩ්ස් නමැති මෙම කුඩා දරුවා අතුරුදන් වීමත් සමඟ ඔහුව සෙවීම සඳහා ප්‍රදේශවාසීන් දහස් ගණනක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබුණි.




මෙම දරුවා අඟහරුවාදා පස්වරුවේ තම ඥාතියෙකු සමඟ ක්‍රීඩා පිටියකට ගොස් සිටියදී මෙලෙස අතුරුදන් වී ඇත. දරුවා ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරමින් සිටින අයුරු එදින පස්වරු 2:37 ට පමණ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබූ අතර, ඉන්පසුව ඔහු ක්‍රීඩා පිටිය අසල ඇති අඩිපාරක් දිගේ නව නිවාස සංකීර්ණයක් සහ ඩිකෝයි නමැති මසුන් අල්ලන පොකුණ දෙසට දිව යන්නට ඇති බවට විශ්වාස කෙරේ. ඔහු අවසන් වරට දැක ඇත්තේ කාටූන් චරිතයක් සහිත නිල් පැහැති ටී ෂර්ටයකින් සැරසී සිටියදීය.

දරුවා අතුරුදන් වූ බව දැනගත් වහාම ගම්වාසීන් සහ අවට ප්‍රදේශවල ජනතාව විශාල වශයෙන් එකතු වී සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ. සාමාන්‍යයෙන් 2300 ක පමණ ජනගහනයක් වෙසෙන මෙම ගම්මානයට 1500 කට අධික ස්වේච්ඡා සේවකයන් පිරිසක් පැමිණ තිබූ අතර, ඔවුන් ගම්මානයේ ශාලාවකට රැස්වී කණ්ඩායම් වශයෙන් සෙවීමේ කටයුතුවල නිරත වූහ. කෙසේ වෙතත්, ඊට පසුදින පස්වරු 5:40 ට පමණ පොලිස් කිමිදුම් උපකරණ සහිත කණ්ඩායමක් විසින් අදාළ පොකුණේ තිබී දරුවාගේ සිරුර සොයා ගැනීමත් සමඟ දරුවා සොයාගැනීමේ මෙහෙයුම අවසන් විය.




මෙම ශෝකජනක පුවතින් පසු පොලිස් අධිකාරී ටොම් පියර්ස් විසින් එහි රැස්ව සිටි ජනතාව අමතමින්, පවුලේ අය වෙනුවෙන් ඔවුන් දැක්වූ සහයෝගයට සහ කැපවීමට විශේෂ ස්තූතියක් පුද කර තිබේ. තම ආදරණීය පුතුගේ වියෝවෙන් දැඩි සේ කම්පනයට පත් නෝවාගේ පියා වන රයිස් වුඩ්ස් සමාජ මාධ්‍ය හරහා ඉතා සංවේදී සටහන් කිහිපයක් ද එක් කර තිබුණි.

uk-residents-shocked-after-missing-child-found-dead

uk-residents-shocked-after-missing-child-found-dead

uk-residents-shocked-after-missing-child-found-dead