කල්බදු හෙවත් ලීසිං ක්‍රමය යටතේ ලබාගන්නා වාහනවල වාරික ගෙවීම පැහැර හරින අවස්ථාවලදී, පාරිභෝගිකයාගේ අකමැත්ත මත අදාළ වාහනය හෝ උපකරණය බලහත්කාරයෙන් රැගෙන යාමට බදු දීමනාකරුට හෝ ඔවුන්ගේ නියෝජිතයන්ට කිසිදු නෛතික අයිතියක් නොමැති බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරයි.
යම් හෙයකින් අදාළ දේපළ අත්පත් කරගැනීමට යාමේදී බදු ගැනුම්කරු ඊට විරෝධය පළකරන්නේ නම්, කල්බදු මූල්‍යකරණ පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව ඊට එරෙහිව දිසා අධිකරණයේ නඩුවක් ගොනුකිරීම පමණක් මූල්‍ය ආයතනය විසින් සිදුකළ යුතු වේ. ඊට පටහැනි වෙමින් නීතිය සියතට ගෙන ක්‍රියා කරන ඕනෑම බදු දීමනාකරුවෙකු හෝ ඔහුගේ නියෝජිතයෙකු නීතිය ඉදිරියේ වරදකරුවෙකු බවට පත්වන බව පොලිසිය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙවැනි අත්පත් කරගැනීම් සඳහා මුල්‍ය ආයතන නියෝජිතයන් පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටින අවස්ථාවන්හිදී, සාමය කඩවීමක් සිදුවීම වැළැක්වීම සඳහා පමණක් පොලිසිය මැදිහත් වන අතර කිසිදු විටෙක අදාළ වාහන අත්පත් කරදීම සඳහා සහාය නොදක්වයි. කල්බදු මූල්‍යකරණ පනතේ දැක්වෙන මෙම නෛතික රාමුව සහ විධිවිධාන සම්බන්ධයෙන් දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් මේ වනවිටත් දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කර සිටියි.
නීතිවිරෝධී ලෙස වාහන අත්පත් කරගැනීමට යාමේදී බදු ගැනුම්කරුවන් විසින් සිදුකරන පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය විසින් පුළුල් විමර්ශන සිදුකරනු ලබයි. එවැනි අවස්ථාවකදී සොරකම් කිරීමක්, කොල්ලකෑමක් හෝ අයුතු ලෙස ඇතුළුවීමක් වැනි වෙනත් සාපරාධී වරදක් අනාවරණය වුවහොත් ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද බලධාරීහු අනතුරු අඟවති.
කෙසේ වෙතත් කල්බදු ගිවිසුම් සම්බන්ධයෙන් පැනනගින ගැටලුවලදී අදාළ පනතට අනුව පොලිසියට මැදිහත් වීමේ හැකියාව පැවතියද, 1982 අංක 29 දරන පාරිභෝගික ණය පනත යටතේ ක්‍රියාත්මක වන කුලී සින්නක්කර (Hire Purchase) ගිවිසුම් සඳහා එලෙස මැදිහත් වීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව පොලිසිය විශේෂයෙන් මතක් කර දෙයි. එබැවින් අදාළ පාර්ශ්වයන් ඇතිකරගත් නීත්‍යානුකූල එකඟතාවන්ට පමණක් ගරු කරමින්, මහජන සාමය ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙස පොලිසිය සියලුම මූල්‍ය ආයතනවලින් සහ පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.
