කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස ලැබුණු දැනුම්දීමත් සමඟ පපුවේ අමාරුවක් පවතින බවත්, හෘද වස්තුව බයිපාස් කිරීමට සිදුව ඇති බැවින් පඩිපෙළක් පවා නැගීමට හුස්ම මදි බවත් පවසමින් නවලෝක රෝහලට ඇතුළත් වූ හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය, පසුගිය සඳුදා පාන්දර හදිසි හෘද වෛද්‍ය ප්‍රතිකාර ගත් බව ප්‍රකාශ කර තිබිණි.
ඉන් අනතුරුව සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර ගන්නා බව පවසමින් විදේශගත වූ ඇය, මේ වන විට සිංගප්පූරුවේ සාප්පු සංකීර්ණයක් තුළ නිදහසේ සාප්පු සවාරියේ යෙදෙන ආකාරය දැක්වෙන ඡායාරූප වාර්තා වී ඇත.
අදාළ ඡායාරූප සිංගප්පූරුවේ ඕචඩ් පාරේ පිහිටි '313@somerset, Orchard Rd, Singapore 238895' යන ස්ථානයේ පිහිටි සුප්‍රකට සාප්පු සංකීර්ණය අසළදී ලබාගෙන තිබේ. සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපොළෙන් බැසීමත් සමඟම ඇයගේ අසනීප තත්ත්වය සම්පූර්ණයෙන්ම සුවපත්ව ඇති අතර, හෘදයාබාධයක් හෝ සැත්කමක කිසිදු වෙනසක් නොපෙන්වමින්
ඇය 'ලුවී විටොන්' (Louis Vuitton) වැනි ලෝක ප්‍රකට සන්නාමයන්හි භාණ්ඩ පරීක්ෂා කරමින් ඕචඩ් පාර දිගේ ඉතා ක්‍රියාශීලී ලෙස ගමන් කරන අයුරු දැකගත හැකිවූ බව මෙම ඡායාරූප උඩුගත කළ අය සටහන් කර තිබුණි.