husband-who-shared-nude-photos-to-get-revenge-on-his-divorced-wife-gets-fired

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධියකට අදාළව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ මහනුවර උප ඒකකය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පරිගණක අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම විසින් ඊයේ (03) දහවල් ගිනිගත්හේන ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගිනිගත්හේන ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි. පැමිණිලිකාර කාන්තාව සමඟ විවාහ වී සිටි සැකකරු, පසුව ඇගෙන් නීත්‍යානුකූලව වෙන්වී ඇති අතර, මෙම අපරාධය සිදුකර ඇත්තේ ඉන් අනතුරුව බවට මෙතෙක් සිදුකළ මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.

ඔහු ඇගෙන් පලිගැනීමේ චේතනාවෙන් විවාහවී සිටියදී තමන් සතුව තිබූ ඇගේ නිරුවත් ඡායාරූප බෙදාහැර ඇයට ලජ්ජාවක් ඇති කිරීමට මෙම ක්‍රියාව සිදුකර තිබූ අතර කාන්තාව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පුද්ගලයා අත්අඩංගුවට පත් විය. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන අතර, මහනුවර පරිගණක අපරාධ විමර්ශන උප ඒකකය මඟින් වැඩිදුර පරීක්ෂණ කටයුතු ඉදිරියට පවත්වාගෙන යනු ලබයි.