11-vehicles-collide-on-the-southern-expressway---10-hospitalized-video

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අන්තර්හුවමාරු අතර ප්‍රදේශයේදී බස් රථ දෙකක්, කැබ් රථයක් සහ මෝටර් රථ 6ක් ඇතුළු වාහන 11 ක් පමණ එකිනෙක ගැටීමෙන් දරුණු රිය අනතුරක් සිදුව තිබේ. මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ මෙම වාහන අනතුරට ලක්වීම හේතුවෙන් පාසල් ළමුන් කිහිප දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා ආසන්න රෝහල් වෙත ඇතුළත් කර ඇත.




පාසල් දරුවන් රැගෙන යමින් තිබූ බස් රථයක් කැබ් රථයක ගැටීමත් සමඟම පසුපසින් පැමිණි තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පැවසේ. මෙලෙස වාහන විශාල සංඛ්‍යාවක් අනතුරට ලක්වීම හේතුවෙන් කොළඹ දෙසට වන මංතීරුවේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර, ගැලණිගම සහ දොඩංගොඩ අතර දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබේ.

මාර්ගය අවහිර වීමත් සමඟ ගාල්ල දෙස සිට කොළඹ දක්වා ගමන් ගන්නා වාහන දොඩංගොඩ පිටවීමේ දොරටුවෙන් හරවා යැවීමට පොලීසිය කටයුතු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අධිවේගී මාර්ග පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

gossiplanka image