
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල එළඹෙන 5 වැනිදාට පෙර නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටියි. විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළ ආකාරයට, ලකුණු සටහන් සියල්ල මේ වන විටත් පරිගණකගත කර ඇති අතර, ඊට අදාළ ලේඛන නැවත පරීක්ෂා කිරීමේ අවසන් අදියරේ කටයුතු මේ දිනවල සක්‍රියව සිදු කෙරෙමින් පවතී.
දිවයින පුරා මධ්‍යස්ථාන 2,723 ක් ආවරණය වන පරිදි පසුගිය 9 වැනිදා පැවැත්වුණු මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 294,089 දෙනෙකු පෙනී සිටි බව වාර්තා වේ. විභාගය පැවැත්වූ දිනයේදීම විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කළේ, විභාගය නිම වී මාසයක් ගතවීමට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සියලු සංවිධාන කටයුතු සම්පූර්ණ කරන බවයි.
මෙම විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ ක්‍රියාවලිය පසුගිය 20 වැනිදා ආරම්භ වූයේ දිවයින පුරා තෝරාගත් මධ්‍යස්ථාන 48 ක් පදනම් කරගනිමිනි. එහිදී ඇගයීම් මණ්ඩල 380 ක් යටතේ පරීක්ෂකවරුන් 6,000 කට අධික පිරිසක් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු වෙනුවෙන් සම්බන්ධ වී සිටියහ.
