indian-player-jaiswal-gets-into-a-fight-after-being-dismissed-by-asitha-video

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සමග ඇති වූ උණුසුම් මතභේදය සම්බන්ධයෙන් ඉන්දීය ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් අදහස් දක්වා තිබේ.

යම් හෙයකින් සීමාව ඉක්මවා කටයුතු කළහොත් ඊට එරෙහිව සටන් කර පිළිතුරු දීමට ඉන්දියාව සූදානම් බව හෙතෙම පවසයි.




අදාළ සිදුවීමේදී ඉන්දීය පිතිකරුවා සීමාව ඉක්මවා ගියේද යන්න පිළිබඳව ප්‍රකට විචාරක හර්ෂ බෝගේ අදහස් දක්වා තිබූ වීඩියෝවකට ප්‍රතිචාර දක්වමින් ජයිස්වාල් මෙම අදහස් පළ කර ඇත. අසිත ප්‍රනාන්දු තමාට පැවසුවේ කුමක්දැයි නොදැන මේ පිළිබඳව තීරණ නොගන්නා ලෙස ඉල්ලා සිටින ජයිස්වාල්, යමෙකු සීමාව ඉක්මවා ගියහොත් ඉන්දියාව ඊට එරෙහිව සටන් කර පිළිතුරු දෙන බව පෙන්වා දිය යුතු බව සටහන් කර තිබේ.

මෙම උණුසුම් තත්ත්වය හටගත්තේ තරගයේ පළමු දිනයේදී ලකුණු 45 ක් ලබා සිටි ජයිස්වාල්ගේ කඩුල්ල දවාගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වීමත් සමගය. කඩුල්ල ලබාගැනීමෙන් පසු අසිත දැක්වූ දැඩි ආක්‍රමණශීලී හැසිරීමට ප්‍රතිචාර වශයෙන් ජයිස්වාල් ආපසු හැරී පැමිණ වේග පන්දු යවන්නා හමුවේ මුහුණට මුහුණ ලා චෝදනා කළ අතර, පසුව ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා ඇතුළු සසු ක්‍රීඩකයෝ මැදිහත් වී දෙදෙනා වෙන් කිරීමට කටයුතු කළහ.




සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය පිතිකරණ පුහුණුකාර සිටාන්ෂු කොටක් ප්‍රකාශ කළේ ජයිස්වාල් එලෙස වේග පන්දු යවන්නා ආසන්නයට නොයා යුතුව තිබූ බවයි. කෙසේ වෙතත්, පන්දු යවන්නා විසින් යම් ප්‍රකාශයක් කරන්නට ඇති බවත්, තරගයේ පවතින උණුසුම් වාතාවරණය හමුවේ හදිසියේ මෙවැනි දේ සිදු විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

gossiplanka image