
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී කෑගල්ල හෙට්ටිමුල්ල නව කනිෂ්ඨ විදුහලේ දරුවන්ට පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට නියමිත කාලය නොලැබුණු බවට දරුවන් සහ මවුපියෝ පිරිසක් කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයට ඊයේ (9) පස්වරුවේ පැමිණිල්ලක් කළහ.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය (2026) ඊයේ (9) පෙරවරු 9.30 සිට පස්වරු 12.15 දක්වා පැවැත්විණි. හෙට්ටිමුල්ල නව කනිෂ්ඨ විදුහලේ විභාග ශාලා කීපයකට දෙවැනි ප්‍රශ්න පත්‍රය ප්‍රමාද වී ලැබුණු බැවින් ඒ පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වා සාධාරණය ඉටුකරන ලෙස එහිදී එම පිරිස ඉල්ලා ඇත.
එම විභාග ශාලාවල පරීක්‍ෂකයන් පෙරවරු 11.15 ට දිය යුතු ප්‍රශ්න පත්‍රය 11.30 ට දුන්න ද නියමිත වේලාවට එනම් පස්වරු 12.15 ට නැවත එකතු කළ බවත් ප්‍රශ්න පත්‍රය ප්‍රමාද වී දුන් නිසා ප්‍රමාද වූ කාලය දෙන ලෙස ඉල්ලා සිටිය ද නොදුන් බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.කාලය නොමැති නිසා ඉතිරි ප්‍රශ්නවලට අහඹු ලෙස පිළිතුරු සටහන් කරන ලෙස එම විභාග පරීක්‍ෂකයන් පැවසූ බව එම ද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
