former-mayor-remanded-for-sexually-assaulting-a-government-official-after-promising-to-marry-her

විවාහ වන බවට පොරොන්දු දී රාජ්‍ය නිලධාරිනියකට ලිංගික අතවර කිරීම සහ බලය අයුතු ලෙස භාවිත කිරීමේ චෝදනා ලැබ සිටින අක්කරපත්තුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සකි අතාවුල්ලා ලබන සැප්තැම්බර් මස 1 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.




අක්කරපත්තුව මහ නගර සභාවේ සේවය කළ අදාළ රජයේ නිලධාරිනිය, හිටපු නගරාධිපතිවරයා තමන්ට විවාහ පොරොන්දු දී ලිංගික ලෙස අපයෝජනය කළ බවට චෝදනා කරමින් තමන්ට සාධාරණය ඉෂ්ට කර දෙන ලෙස ඉල්ලා මෑතකදී ෆේස්බුක් සජීවී විකාශනයක් මගින් තොරතුරු අනාවරණය කළාය. පසුව ඇය මේ පිළිබඳව අම්පාර ළමා හා කාන්තා කාර්යාංශය වෙත ද පැමිණිල්ලක් යොමු කර තිබේ.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී අම්පාර කොට්ඨාස කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂිකා දයානි ගමගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරු, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මීට පෙර 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර එම කාලසීමාව මෙලෙස තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගැනුණි.




හිටපු නගරාධිපති සකි අතාවුල්ලා යනු හිටපු ඇමති ALM අතාවුල්ලා මහතාගේ පුත්‍රයෙකි.