නේපාලයේ ගංවතුරෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල සේවයේ නිරත සහන සේවකයින්, මෙහෙයුම් පාලන මධ්‍යස්ථාන සහ ක්ෂේත්‍රයේ යොදවා ඇති වාහනවල රියදුරන් සජීවී සිතියමක් ඔස්සේ එකිනෙක සම්බන්ධ කිරීම සඳහා ‘සේතු රැපිඩ්’ (Setu Rapid) නමැති විශේෂ ජංගම යෙදවුමක් මේ වනවිට ක්‍රියාත්මක කර තිබේ. එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ආපදා අවදානම් අවම කිරීම සහ කළමනාකරණ අධිකාරිය මෙන්ම මාර්ග දෙපාර්තමේන්තුව එක්ව මෙම ‘සේතු’ පද්ධතිය සහ ජංගම යෙදවුම නිර්මාණය කිරීමට පියවර ගෙන ඇත.
ඊයේ එනම් 28 සිකුරාදා මධ්‍යහ්නය වන විට, අතුරුදහන් වූ සිය ආදරණීයයන්ගේ තොරතුරු සොයාගැනීමේ අරමුණින් පුද්ගලයින් 1,567 දෙනෙකු විසින් මෙම යෙදවුම ඔස්සේ සහන ඉල්ලුම් පත්‍ර යොමු කර තිබේ. මේ අතර ජාතික ආපදා අවදානම් අවම කිරීම සහ කළමනාකරණ අධිකාරියේ නිලධාරීන් සඳහන් කරන්නේ එම ඉල්ලීම් හරහා අතුරුදහන් වූ බවට නම් සඳහන් කළ පුද්ගලයින් 12,000 කගේ පමණ තොරතුරු සහ විස්තර පද්ධතියට එක්රැස් වී ඇති බවයි.
මෙම පෝරම ඔස්සේ අතුරුදහන් වූවන් ලෙස ලියාපදිංචි කරන ලද පිරිස අතරින් තවමත් පුද්ගලයින් 144 දෙනෙකු පමණක් නැවත සාර්ථකව සන්නිවේදනය කිරීමට සහ සම්බන්ධතා ගොඩනගා ගැනීමට සහන කණ්ඩායම්වලට හැකියාව ලැබී ඇත. කෙසේ වෙතත් වැඩි දෙනෙකුගේ විස්තර තවම නැත. අතුරුදන් අය සටහන් කර ගැනීමට වෙනත් යාන්ත්‍රණයක් තවම ස්ථාපිත නැති අතර රජයේ විවිධ මූලාශ්‍ර ඔස්සේ එරට මාධ්‍ය වාර්තා කර ඇති පරිදි තවම මියගිය අය තහවුරු කර ඇත්තේ 626 ක් හා අතුරුදන් අය දක්වා ඇත්තේ 2400 ලෙස පමණි. මෙම සංඛ්‍යාලේඛණ විහාල වශයෙන් ඉහළ යාහැකි බවට වාර්තා පළවේ.
