after-rioting-in-kuruwita-prison-inmates-repair-the-roof-themselves

කුරුවිට බන්ධනාගාරයේ ඉකුත් සිකුරාදා රැඳවියන් දෙපාර්ශ්වයක් අතර ඇති වූ දරුණු ගැටුමකදී බන්ධනාගාර ගොඩනැගිලි තුනක වහලවලට දැඩි හානි සිදුව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙම ගැටුම අතරතුර රැඳවියන් විසින් ගොඩනැගිලිවල සෙවිලි තහඩු ගලවා ඉවත් කර ඇති අතර, එම සෙවිලි තහඩු යොදාගෙන ආරක්ෂක නිලධාරීන්ට ප්‍රහාර එල්ල කර ඇති බව පොලිසිය පවසයි.




කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් පාලනය කර ඔවුන් යළි සිරමැදිරි වෙත යොමු කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, වහලවලට සිදුවූ හානිය හේතුවෙන්, පසුගිය සෙනසුරාදා ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව නිසා රැඳවියන් දැඩි අපහසුතාවට පත්ව තිබේ. ඔවුන්ට සිරමැදිරි තුළදීම වැස්සට තෙමීමට සිදුවී ඇත.

මෙම තත්ත්වය හමුවේ, පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් වහල පිළිසකර කිරීමට අවශ්‍ය සෙවිලි තහඩු ලබා දී ඇත. අනතුරුව, එම වහල විනාශ කිරීමට සම්බන්ධ වූ රැඳවියන්ම පෙරේදා (8) ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී, හානි වූ වහලවල් නැවත සෙවිලි කර පිළිසකර කර ඇති බව වාර්තා වේ.

after-rioting-in-kuruwita-prison-inmates-repair-the-roof-themselves