
රත්මලාන, ගොනා කෝවිල ප්‍රදේශයේ පිහිටි නිවසක් වටලා දේශීය නිෂ්පාදිත අත්බෝම්බයක් ඇතුළු විවිධ මාරාන්තික ආයුධ රැසක් සමඟ සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සමත්ව තිබේ. මෙම සෝදිසි කිරීමේදී කඩු තුනක්, කෙටේරියක්, කිනිසි තුනක් සහ අදාළ අත්බෝම්බය පොලිස් භාරයට ගෙන ඇත.
ගල්කිස්ස පොලිස් විශේෂ යතුරුපැදි බලකායේ නිලධාරියෙකු විසින් රත්මලාන ආතර් පෙදෙසේදී 'අයිස්' මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක් (මිලිග්‍රෑම් 1,000ක්) සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හරහා මෙම ජාවාරම් ස්ථානය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර, මත්ද්‍රව්‍ය අලෙවි කළ අදාළ නිවසේ ප්‍රධාන දොරටුවේ "සුපුන් සර්පයා ඇතුළුවීම තහනම්" යනුවෙන් සඳහන් කර තිබූ බවද සොයාගෙන ඇත.
එම ස්ථානයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ තුනක මුදලක් සහ ජංගම දුරකථන අටක්ද නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු 29 හැවිරිදි වියේ පසුවන අතර, සසුසු සැකකරුවන් රත්මලාන, නාවලපිටිය සහ ඇහැලියගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මෙම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට ඉදිරි කටයුතු සංවිධානය කර ඇත.