නැසීගිය දේශපාලනඥ සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ඊයේ පැවති රැස්වීමකදී මෙසේ කියා තිබේ.
"මේ ආණ්ඩුවේ රාජ්‍ය නිලධාරීන් හම්බවෙන්නේ හාල් කිලෝ විස්සක් ගන්න නයයි. අපේ සණස දෙනවා ඔයිට වැඩිය ණය නේ? ඉතින් ඒ නිසා මේ ආණ්ඩුව කරන වංචාව අපේ ගෙවල්වල හොඳට දැනෙයි. ඉහළ යන බඩු මිල, ඉහළ යන තෙල් මිල, ඉහළ යන ආහාර මිල. හැබැයි ඒකට සරිලන අපේ දවස් කුලියවත් අපේ මාසේ වැටුපවත් වර්ධනය වෙලා නෑ. කුස්සියේ අම්මා, තාත්තා හුරුල්ලනවා. තමන්ගේ දරුවන්ට තුන්වේල කන්න නෑ.
සමහර වෙලාවට දරුවන්ට තුන්වේල කන්න දීලා දෙමව්පියෝ දෙන්නා එක වේලක්, එකහමාරක් කාලා සද්ද නැතුව ඉන්න තැන් තියෙනවා. සමහර වෙලාවල් වලට වේල් තුනම බඩගින්නේ හිටියත් මගේ ආදරණීය දරුවෝ දන්නේ නෑ. ආදරණීය අම්මා, තාත්තා තමන්ගේ කුසට ආහාර අරගෙන නෑ කියලා. ඒ නිසා අපි මේ ආණ්ඩුවට යෝජනා කරනවා. යන්න නම් එපා. යන්න එපා දාලා. මොකද එකම එක සැරයක් ඉල්ලුවේ කරලා පෙන්නන්න. අනිවාර්යෙන්ම කරලා පෙන්නන්න.
අපි යෝජනා කරනවා ඔබතුමන්ලාට. මේ ආණ්ඩුව තව අවුරුදු දෙකක් දෙකහමාරක් කරලා පෙන්නන්න. හැබැයි ජනතාව ජීවතුන් අතර ඉඳීද? මරණ මංචකයට වැටෙයිද කියලා අපිට බයක් තියෙනවා. ඒ නිසා තමයි අපි අරගෙන එන්නේ ගමක් ගමක් ගානේ මේ විස්සයි විසි නමයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලාපොරොත්තුව. ආදරණීය ඔබේ බලාපොරොත්තුව නාමල් රාජපක්ෂ."