
2025 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබේ. ඒ අනුව විභාගයට පෙනී සිටි සියලුම අපේක්ෂකයින්ට තමන්ගේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ results.exams.gov.lk වෙත පිවිසීමෙන් ඉතා පහසුවෙන් පරික්ෂා කර බැලීමට අවස්ථාව සලසා ඇත.
දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,547කදී මෙම වසරේ පෙබරවාරි මස 17 වැනිදා සිට පෙබරවාරි මස 26 වැනිදා දක්වා කාලය තුළ මෙම විභාගය පවත්වා තිබේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වාර්තාවලට අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සමස්ත අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිටි බව සඳහන් වේ.
නිකුත් කර ඇති විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත සමීක්ෂණයක් සිදු කිරීමට අපේක්ෂා කරන සිසුන් සඳහා ඒ සඳහා අයදුම් කිරීමට ද කාලය වෙන් කර ඇත. ඒ අනුව, එළඹෙන ජුනි මස 25 වැනිදා සිට ජූලි මස 07 වැනිදා දක්වා කාලය තුළ මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ පමණක් නැවත සමීක්ෂණ අයදුම්පත් යොමු කිරීමට පහසුකම් සලසා තිබේ.
