an-explanation-of-how-rakhitha-and-charit-tried-to-bribe-the-cowherds-wife

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2026 ජූනි 25 වන දින විශේෂ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 5000 ක (කෝටි 50 ක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, පසුව එම මුදල රුපියල් ලක්ෂ 2000 ක් (කෝටි 20 ක්) දක්වා අඩු කර, එයින් අත්තිකාරමක් ලෙස රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12 ක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මතය.




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් "හරක් කටා" නැමැත්තාගේ ජීවිතය ආරක්ෂා කර දීමට සහ ඔහුව ඝාතනය කිරීම වැළැක්වීම සඳහා මෙම අල්ලස් ගනුදෙනුව සිදුව ඇත. එමෙන්ම, අදාළ සැකකරුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කර දීමටත්, විමර්ශන හා ඊට අදාළ කටයුතු වලින් ඔහුව නිදහස් කර දීමටත් අවශ්‍ය කටයුතු කිරීම වෙනුවෙන් මෙම මුදල ඉල්ලා තිබේ. මෙම සැකකරුගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති නැමැත්තියගෙන් 2023 වර්ෂයේදී ඩුබායි රාජ්‍යයේදී මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

මෙම මහා පරිමාණ අල්ලස් චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන නීතිඥ රබින් නිර්මල රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරන චරිත වසන්ත කුමාර අබේසිංහ යන අයයි. ඔවුන්ට අමතරව සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ සහ ශ්‍රී ලංකන් කැටරින් (ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම) ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ වරුෂහන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග නැමැති අයද මෙලෙස අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.




අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ අද දින අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තිදෙනා ඉදිරියේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

an-explanation-of-how-rakhitha-and-charit-tried-to-bribe-the-cowherds-wife