the-death-of-a-human-being-is-not-relevant-to-politics---harsha-de-silva

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මේ දිනවල රංග රාජපක්ෂගේ මරණය දේශපාලනීකරණය වීම ගැන මෙසේ අදහස් දක්වා තිබේ.




"දුක දරාගන්න හරි වෙලාව දෙන්න ඕනේ. ඕක අනවශ්‍ය විදිහට අවුස්සන්න එපා. එක එක මානසික ප්‍රශ්න . භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකුවේ නිලධාරීන් කවුරුත් දන්නවා මුදල් කමිටුව ඉදිරියට ආවා කියලා. අන්තිමේදී, අපි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව නෙමේනෙ.

එතකොට දැන් මෙතන අපරාධයක් වෙලා තියෙනවා කියන එක කවුරුත් පිළිඅරගෙන තියෙනවා. ඒකෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරක් හොරකම් කරලා තියෙනවා. ඒක හොරකම් කරලා තියෙනවා කියලා ඒ අය අලුතෙන් කියන්න ඕන දෙයක් නෙමේ. හොරා කවුද කියලා අල්ලන එක, හොරා අල්ලන කට්ටියගේ කාර්යභාරයයි. හොරු අල්ලන්නේ කවුද? ඒක පොලිසිය සහ අපරාධ විමර්ශන අංශයෙන් කරනවා. ඒ අය තොරතුරු එකතු කරාවි, හරිද?




හැබැයි අපිට තියෙන කාර්යභාරය ඒක නෙමේ. මනුස්සයෙක්ගේ මරණයක් දේශපාලනයට අදාළ නෑනෙ. ඒක මුදල් කමිටුවට අදාළ නෑ. ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොයලා බලයි. මනුස්සයෙක් මැරිලා නේ. ඒක පොලිසියෙන් වේවා, ඒ අදාළ අංශ වලින් කරයි.

මං කැමති නෑ මේ වගේ සංවේදී කාරණා වලදී... පවුලට අවම වශයෙන් ඒක දරාගන්න හරි වෙලාව දෙන්න ඕනේ."