ඌව කුඩාඔය පොලිස් බලප්‍රදේශයට අයත් සිරිපුරගම ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතව සිටි පාසල් සිසුවෙකු අනතුරින් සතියකට පමණ පසු පසුගිය 11 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ සිරිපුරගම ප්‍රදේශයේ පදිංචිව සිටි, මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිට එහි ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවූ සිසුවෙකි. පසුගිය 03 වැනිදා මෙම සිසුවා සිය යතුරුපැදියෙන් දහම් පාසල කරා ගමන් කරමින් සිටියදී මෙම බිහිසුණු රිය අනතුරට මුහුණ දී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී මෙම සිසුවා පදවාගෙන ගිය යතුරුපැදියේ පිටුපස අසුනේ ඔහුගේ ඥාති සහෝදරියකද ගමන් කර ඇති අතර, නවවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි එම පාසල් දැරිය අනතුර සිදුවූ දිනයේම ජීවිතක්ෂයට පත්විය. යතුරුපැදිය පැදවූ සිසුවා අනතුරින් දැඩි ලෙස තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මරණයට පත්ව තිබේ.
මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන කටයුතු කුඩාඔය පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත කුමාරසිංහ මහතා විසින් මේ වනවිට සිදුකරනු ලබයි.
