came-here-for-kapila-who-served-the-country---last-respects-from-mahinda

මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ දේහය මේ වනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබේ.ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අද (10) උදෑසන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 

එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 'රටට සේවය කළ පුද්ගලයෙකුට අවසන් ගෞරව දැක්වීමට තමා පැමිණි බව' සිනාමුසු මුහුණින් කියා සිටියේය.
තමාට අල්ලස් කොමිසම හමුවට පැමිණෙන ලෙස සිදුකර ඇති දැනුම්දීම අනුව එහි යන බවටද අදහස් දැක්වීය.

කපිල චන්ද්‍රසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස 5ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.