ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමෙන් පසුව ඊයේ (29) පත් කරන ලද නව සංක්‍රාන්ති කමිටුව අද (30) පෙරවරුවේ ක්‍රිකට් මූලස්ථානය වෙත පැමිණ සිය රාජකාරි ආරම්භ කළේය. ව්‍යාපාරික, මූල්‍ය සහ පරිපාලන ක්ෂේත්‍රයේ දශක ගණනාවක අත්දැකීම් සහිත ප්‍රවීණ ආයතනික බැංකුකරුවෙකු වන ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලන සහ ආයතනික රාමුව ශක්තිමත් කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.
ක්‍රිකට්, ව්‍යාපාරික සහ නීති යන අංශ තුනෙහිම ප්‍රවීණයන්ගෙන් සමන්විත මෙම කමිටුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රධාන යුග තුනක් නියෝජනය කරන විශිෂ්ට ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව 1980 දශකය නියෝජනය කරමින් හිටපු ටෙස්ට් ආරම්භක පිතිකරු සිදත් වෙත්තමුනි, 1990 දශකයේ ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී සිටීමේ යුගය නියෝජනය කරමින් රොෂාන් මහානාම සහ 2000 දශකයේ නවීන වෘත්තීය ක්‍රිකට් යුගය නියෝජනය කරමින් කුමාර් සංගක්කාර යන මහත්වරු මෙම කමිටුවට සිය අත්දැකීම් දායක කරනු ඇත.
මෙම හිටපු ක්‍රීඩකයින්ට අමතරව ප්‍රකාශ් ෂාෆ්ටර්, දිනාල් පිලිප්ස්, අවන්ති කොළඹගේ, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ තුෂාර රද්දැල්ල යන මහත්වරුන් ද සංක්‍රාන්ති කමිටුවේ සාමාජිකයින් ලෙස නම් කර ඇත. ක්‍රිකට් ප්‍රවීණත්වයට සමගාමීව නීතිය, මූල්‍ය, පරිපාලනය සහ යහපාලන ව්‍යුහයන් පිළිබඳ මනා දැනුමක් ඇති නීති හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙම කමිටුවට ඇතුළත් කර ඇත්තේ, දිගුකාලීනව පවතින පාලන ගැටලු විසඳමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙළගැස්වීමේ අරමුණෙනි.
සිය රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කළේ, සමස්ත රටම එකමුතු කළ හැකි ක්‍රීඩාවක් වන ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම සඳහා පත්කළ තමන් ඇතුළු කමිටුවේ කාර්යභාරය දේශපාලනයට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එහි මූලික අරමුණ පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීම සහ ක්‍රීඩාව සෑම තරාතිරමකම සංවර්ධනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් කිරීම බව ඔහු පෙන්වා දුන්නේය. කමිටුව ප්‍රධාන අංශ දෙකක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ඇති අතර, ඉන් පළමුවැන්න වන්නේ පාර්ශවකරුවන්ගේ විවිධ අදහස්වලට සවන් දෙමින් ක්‍රිකට් පරිපාලනය තවදුරටත් ශක්තිමත් කිරීමයි.
ඔවුන්ගේ දෙවන ප්‍රධාන අරමුණ වන්නේ පාසල් ක්‍රිකට්, කාන්තා ක්‍රිකට් මෙන්ම දිස්ත්‍රික් සහ සමාජ ශාලා මට්ටමින් බිම් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දී ක්‍රීඩාවේ තිරසාර වර්ධනයක් ඇති කිරීමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවේ සිට බිම් මට්ටම දක්වා අර්ථවත් වෙනසක් ඇති කිරීමේ පැහැදිලි වරමක් සහිතව මෙම කමිටුව කෙටිකාලීන සංක්‍රාන්ති කමිටුවක් ලෙස පත් කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
