1st-2nd-and-3rd-in-the-island-according-to-al-results-this-time

මෙවර උසස්පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ලැබූ පිරිස අතරින් බහුතරයක් ගැහැණු දරුවන් වන අතර, ජීව විද්‍යා අංශයෙන් පමණක් පිරිමි දරුවන් වැඩි ප්‍රතිශතයක් විශ්වවිද්‍යාල වරම් ලබා ඇතැයි ද විභාග කොමසාරිස්වරිය පැවසුවාය. මේ අතර මෙවර උසස් පෙළ විභාගයේ දී කලා විෂය ධාරාවට පෙනී සිටින දරුවන්ගේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබුණ බවත් එය ප්‍රතිශතයක් ලෙස 32.03ක් බවත් විභාග කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මේ අතර, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, ජෛව පද්ධති තාක්ෂණවේදය සහ වෙනත් විෂයන් මෙන්ම තොරතුරු තාක්ෂණය යන විෂය ධාරාවන්ට ළමුන්ගේ වැඩි නැඹුරුවක් ඇතිව තිබෙන බවද විභාග කොමසාරිස්වරිය පැවසීය. ඒ අනුව මෙවර ඒ ඒ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම, දෙවන,තෙවන ස්ථාන දිනගත් සිසුන් පහතින් දැක්වේ.




ජීව විද්‍යාව 
1)ඩිලාන් සංජන කරුණාරත්න,කොළඹ රාජකීය විද්‍යාලය,සිංහල,2.9289 
2)ගමගේ දොන් විෂාන් සසිදු,හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය,සිංහල,2.9112 
3)අ. දර්ශනා,"ශ්‍රී ෂන්මුගම් හින්දු බාලිකා විද්‍යාලය, ත්‍රිකුණාමලය ,දෙමළ

‍භෞතීය විද්‍යාව 
1)දේවේන්ද්‍රයන් තිරු කුමාරන්,කිලිනොච්චි මහා විද්‍යාලය,දෙමළ,2.9400 
2)ගම්ලත්ගේ ගෙදර තරුෂ ගිම්හාන ගම්ලත්,කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය,ඉංග්‍රීසි,2.8482 
3)විදානලාගේ විනුර ප්‍රසාද් ද මෙල්, ශ්‍රී සුමංගල පිරිමි මහා විද්‍යාලය, පානදුර ,සිංහල




වාණිජ්‍යය 
1)මොහොමඩ් සුබයි දී මොහොමඩ් ෆර්හාන්,කාත්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලය,දෙමළ,3.0412 
2)දිසානායක මුදියන්සෙලාගේ සෙනාදී දිහස්නා සුමනසේකර,කොළඹ මියුසියස් විද්‍යාලය,ඉංග්‍රීසි,2.8990 
3)දිලීප සඳරැස් කරුණාරත්න,ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය, ඉංග්‍රීසි ,2.8948

කලා 
1)මාරසිංහ පතිරණගේ අචින්ත මිහිරංග රත්නායක, වයඹ රාජකීය විද්‍යාලය, කුරුණෑගල,සිංහල,3.2403 
2)ආලියා සෙයිනබ් හුලුසි,දේවි බාලිකා විද්‍යාලය, කොළඹ, ඉංග්‍රීසි, 3.1436 
3)තුෂාරි දිනෙත්යා රණතුංග,කොළඹ මියුසියස් විද්‍යාලය සිංහල, 2.8775



ඉංජිනේරු තාක්ෂණවේදය 
1)වනිගසූරිය ආරච්චිගේ දොන් හේෂාන් අනුජය වනිගසූරිය,ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය, සිංහල, 3.5158 2)යාපා මුදියන්සේලාගේ සිතිජ දුලාන් බණ්ඩාර,මහ විජයබා ජාතික පාසල ,සිංහල, 3.3552 
3)මහාරාජ පතිරගේ රිවයින් වින්සර්,මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මහා විද්‍යාලය, සිංහල, 3.3206

ජීව පද්ධති තාක්ෂණවේදය 
1)විජේරත්න මුදියන්සේලාගේ දෝන ඉෂානි මනෝද්‍ය,ගම්පහ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය, සිංහල, 3.3638 
2)කන්දේ ආරච්චිගේ ඉමාෂි විහංගා කන්දේ ආරච්චි,ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලය, සිංහල, 2.8585 
3)විජේසිංහ රත්නායක මුදියන්සේලාගේ ජයත්මා අමන්දි විජේසිංහ,ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය, සිංහල, 2.7618