13-female-prostitutes-and-2-male-prostitutes-arrested-in-kottawa-massage-parlor

කොට්ටාව ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන ලෙස පෙනී සිටිමින් පවත්වාගෙන ගිය ගණිකා මඩම් තුනක් වටලා පුද්ගලයින් පහළොස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොට්ටාව පොලිසිය සමත් වී තිබේ. මෙම වැටලීමේදී අදාළ ස්ථානවල මුදලට අලෙවි වෙමින් සිටි කාන්තා ගණිකාවන් දහතුන් දෙනෙකු සහ පිරිමි ගණිකා පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් වූ කාන්තාවන් අවුරුදු 25 ත් 35 ත් අතර වයස් සීමාවල පසුවන අය වන අතර,


ඔවුහු දෙහිවල, රත්නපුර, කලවාන, ගාල්ල, පොළොන්නරුව, ගලෙන්බිඳුණුවැව, කැකිරාව, දෙණියාය සහ බද්දේගම යන දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇත.

මෙම නීතිවිරෝධී ජාවාරම පිළිබඳව කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් ද සොයිසා මහතාට රහසිගත තොරතුරක් ලැබී තිබිණි. ඒ අනුව අධිකරණය මගින් නීත්‍යානුකූලව ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත මහල්වරාව, බොරැල්ල පාර සහ මාළබේ පාර යන ප්‍රදේශවල පිහිටි මෙම මධ්‍යස්ථාන තුන හදිසි පරීක්ෂාවකට ලක් කර තිබේ. එහිදී අත්අඩංගුවට ගත් කාන්තාවන්ගෙන් එක් අයෙකු එක් මධ්‍යස්ථානයක කළමනාකාරිය ලෙස කටයුතු කර ඇති බව අනාවරණය විය. එසේම, පොලිස් භාරයට ගත් පිරිමි පුද්ගලයින් දෙදෙනා සෙසු මධ්‍යස්ථාන දෙකෙහි කළමනාකරුවන් ලෙස සේවය කරමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවද පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සියලුම සැකකරුවන් සහ සැකකාරියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.