පසුගිය කාලයේ නහයේ පැලැස්තර දමාගෙන පුවත් මැවූ ඉසුරු දේශානි පෙම් කතාව නැවත අලුත් කරවමින් ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගේ උපන් දින සැමරුමක් හිරු නාලිකාවේ කොපි චැට් අතරතුර පැවැත්වුණි.
මෙහිදි තම පෙම්වතාව පුදුම කරමින් දේශානි නෙහාරා කේක් ගෙඩියක් ගෙනවිත් එය ඔහුට පිරිනැමුවාය. එම අවස්ථාවේ ඉසුරු කියා සිටියේ තනිකඩව සමරන අවසන් උපන්දිනය බවයි. නිවේදිකා නර්මදා දෙදෙනාට සිපගන්නා ලෙසද ඇරයුම් කළාය.
මේ සමග එම අවස්ථාවේ වීඩියෝව පළවන අතර වීඩියෝවට යූටියුබ් ඔස්සේ වැටුණ ප්‍රතිචාරද පහත දැක්වේ.




