riots-across-pakistan---un-office-also-hit---23-dead-now

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාව සහ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණයත් සමඟ ලොව පුරා රටවලින් දැඩි මෙන්ම පරස්පර විරෝධී ප්‍රතිචාර වාර්තා වෙමින් පවතී. පාකිස්තානය සහ ඉරාකය වැනි රටවල මෙම ප්‍රහාරවලට එරෙහිව දැඩි විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා හටගෙන ඇති අතර, වෙනත් රටවල වෙසෙන පිටුවහල් කරන ලද ඉරාන ජාතිකයින් කමේනිගේ මරණය සමරමින් ප්‍රීතිඝෝෂා පවත්වන අයුරු දක්නට ලැබේ.

ඉරානයෙන් පසු ලොව විශාලතම ශියා මුස්ලිම් ජනගහනයක් වෙසෙන පාකිස්තානය සහ ඉරාකය තුළ මෙම තත්ත්වය වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.




මේ දක්වා පාකිස්තානයේ ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් විරෝධතාකරුවන් 23 දෙනෙකු පමණ මියගොස් තිබේ. කරච්චි වරාය නගරයේ පිහිටි එක්සත් ජනපද කොන්සල් කාර්යාලයේ පිටත තාප්පය කඩාගෙන ඇතුළු වීමට උත්සාහ කළ පිරිසකට ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ප්‍රාදේශීය රජයේ ප්‍රකාශකයෙකු වන සුඛ්දේව් අසාර්දාස් හේම්නානි ප්‍රකාශ කළේ ආරක්ෂක වළල්ල බිඳදමා ඉදිරියට ආ පිරිසක් පළවා හැරීම සඳහා කොන්සල් කාර්යාලයේ ආරක්ෂක අංශ වෙත මෙලෙස වෙඩි තැබීමට සිදුවූ බවයි. අමෙරිකානු සහ ඊශ්‍රායල විරෝධී සටන් පාඨ කියමින් පැමිණි විරෝධතාකරුවන් එහි ප්‍රධාන ගේට්ටුව අසල වාහනයකට ගිනි තබා පොලිසිය සමඟ ද ගැටී ඇති අතර, මෙම සිදුවීම්වලින් 34 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් තහවුරු කරයි. කරච්චි සිවිල් රෝහලට අනුව මියගිය සහ තුවාල ලැබූ සියලුම දෙනා වෙඩි ප්‍රහාරවලට ලක්වූවන් වන අතර සින්ද් පළාත් රජය මේ පිළිබඳව පරීක්ෂණයක් ද නියෝග කර තිබේ.

පාකිස්තානයේ උතුරු දෙසින් ශියා මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන ගිල්ගිට් බල්ටිස්තාන් පළාතේ පිහිටි ස්කාර්ඩු නගරයේදී එක්සත් ජාතීන්ගේ කාර්යාලයකට ද විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති අතර, එහිදී පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇත. මේ අතර ඉස්ලාමාබාද් අගනුවර තානාපති කාර්යාල පිහිටි කලාපයට ඇතුළු වීමට උත්සාහ කළ දහස් ගණනක් වූ පිරිසකට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජීව උණ්ඩ ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් තවත් දෙදෙනෙකු මියගොස් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ. ලාහෝර් නගරයේ ද එක්සත් ජනපද කොන්සල් කාර්යාලය අසල සිය ගණනක් රැස්වී කළහකාරී ලෙස හැසිරී ඇති අතර පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි විරෝධතාකරුවන්ගෙන් සාමකාමී වන ලෙස ඉල්ලා තිබේ.




ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ආශ්‍රිත රාජ්‍යතාන්ත්‍රික කලාපය අසල රැස්ව සිටි සියගණනක් වූ ඉරාන හිතවාදීන් විසුරුවා හැරීම සඳහා පොලිසියට කඳුළු ගෑස් සහ ස්ටන් ග්‍රෙනේඩ් (stun grenades) භාවිතා කිරීමට සිදුවිය. මීට සමගාමීව, නයිජීරියාවේ කැනෝ නගරයේ ද සැලකිය යුතු ශියා මුස්ලිම් සුළුතරයක් කමේනිගේ පින්තූර සහ ඉරාන කොඩි ලෙළදවමින් සාමකාමී පෙළපාළියක නිරත වී තිබේ.

මෙම විරෝධතාවලට හාත්පසින්ම වෙනස් මුහුණුවරක් බටහිර රටවලින් සහ වෙනත් ප්‍රදේශවලින් වාර්තා වන අතර, එහි වෙසෙන පිටුවහල් කළ ඉරාන ජනතාව කමේනිගේ මරණය සැමරීම සඳහා වීදි බැස සිටිති. පැරීසියේ දහස් ගණනක් ජනයා ෂැම්පේන් බෝතල් සහ රතු රෝස මල් අතැතිව ප්‍රීතිඝෝෂා පවත්වන අතර, දශක ගණනාවක පූජක පාලනය යටතේ මියගිය තම ආදරණීයයන්ගේ ඡායාරූප මෙන්ම ඉරානයේ පෙර පැවති රාජාණ්ඩුව සංකේතවත් කරන කොඩි, ඊශ්‍රායල, ඇමෙරිකා සහ ප්‍රංශ කොඩි ද ඔවුන් අතින් ලෙළදෙන අයුරු දක්නට ලැබුණි. පෘතුගාලයේ ලිස්බන් නුවර ඉරාන තානාපති කාර්යාලය අසලට රැස්වූ පිරිසක් ද අලුයම වන තුරු ගායනා කරමින් සහ නටමින් තමන්ට අවශ්‍ය රජයක් තෝරාගැනීමට ඇති අයිතිය වෙනුවෙන් හඬ නඟමින් මෙම සිදුවීම සමරා ඇත.

riots-across-pakistan---un-office-also-hit---23-dead-now

riots-across-pakistan---un-office-also-hit---23-dead-now

riots-across-pakistan---un-office-also-hit---23-dead-now

riots-across-pakistan---un-office-also-hit---23-dead-now

riots-across-pakistan---un-office-also-hit---23-dead-now

riots-across-pakistan---un-office-also-hit---23-dead-now

riots-across-pakistan---un-office-also-hit---23-dead-now

riots-across-pakistan---un-office-also-hit---23-dead-now