protesters-surround-the-us-embassy-in-iraq

ඉරාන නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට එරෙහිව දැඩි විරෝධය පළ කරමින් ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි 'හරිත කලාපය' (Green Zone) වෙත එක්රැස් වූ ෂියා විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීම සඳහා එරට ආරක්ෂක අංශ විසින් දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබේ.

අමෙරිකානු තානාපති කාර්යාලය ඇතුළු රජයේ ප්‍රධාන ගොඩනැගිලි පිහිටා ඇති මෙම අධි ආරක්ෂිත කලාපය වෙත කඩා වැදීමට උත්සාහ කළ පිරිස, අමෙරිකාවට එරෙහිව සටන් පාඨ කියමින් සිය විරෝධය පළ කර ඇත. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සඳහා මාර්ග සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර, විරෝධතාකරුවන් අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටට මෙලෙස ඒකරාශී වී තිබුණි.

උණුසුම් වූ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් මෙන්ම ශබ්ද බෝම්බ ප්‍රහාර එල්ල කරමින් ඔවුන්ව විසුරුවා හැරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. මේ වන විට හරිත කලාපය සහ විශේෂයෙන්ම අමෙරිකානු තානාපති කාර්යාලය අවට ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් තර කිරීම සඳහා ඉරාක ආරක්ෂක අංශ විසින් පුළුල් ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කර ඇත.